Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ඉන්දීය කණ්ඩායම සමග එක්දින සහ විස්සයි-20 තරගාවලියකට මුහුණ දීමට සූදානමින් සිටින ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ ක්‍රීඩකයෝ සියලු දෙනාම අද (11 වැනිදා) පැවැති පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් සමත් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද සවස් වරුවේදී හෝ හෙට සිට නැවතත් පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානමින් සිටිති.
එංගලන්තය සමග තරගාවලියකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 6 වැනිදා දිවයිනට පැමිණියේය. එතැන් සිට කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා වූ ග්‍රාන්ට් ෆ්ලවර් මහතාට සහ දස්කම් විශ්ලේෂක තනුජ නිරෝෂන් මහතාට කොරෝනා වයිරසය අසාදනය වූ බවට හඳුනා ගැනිණ.
මේ හේතුවෙන් කණ්ඩායමේ පුහුණුවීම් තාවකාලිකව අත්හිටුවන ලද අතර ශ්‍රී ලංකා කණ්ඩායම එතෙක් නවාතැන් ගෙන සිටි කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලට මාරු කරන ලදි.
ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ ක්‍රීඩකයන් 21 දෙනකු සමග පුහුණු කාර්ය මණ්ඩලයේ 4 දෙනෙක් සමග අනෙක් නිලධාරීහුද සිටිති.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.