Last Update  :  2026-03-28 15:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.පී.එල්. ගහන්න අපෙන් 3 ක් ගනිති

සී.පී.එල්. ගහන්න අපෙන් 3 ක් ගනිති

editorial - 2021 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැරිබියන් ප්‍රීමියර් ලීග් (සී.පී.එල්.) තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩකයන් වන තිසර පෙරේරා, ඉසුරු උදාන සහ වනිඳු හසරංග තෝරාගෙන තිබේ.

අද පැවැති ක්‍රීඩක වෙන්දේසීයේදී තිසර පෙරේරාව බාර්බඩෝස් ට්‍රයිඩන්ට් කණ්ඩායම විසින් තෝරාගනු ලැබ ඇත. ටි්‍රන්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉසුරු උදානව තෝරාගනු ලැබ ඇත. ශාන්ත කිට්ස් සහ නෙවිස් කණ්ඩායම විසින් වනිඳු හසරංග මිලදී ගෙන තිබේ.

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු 28 වැනිදා සිට සහ සැප්තැම්බර් 19 වැනිදා දක්වා ශාන්ත කිට්ස් සහ නෙවිස් හිදී පැවැත්වෙනු ඇත.

පසුගිය වසරේ පැවැති කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගත් කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් ටි්‍රන්බාගෝ නයිට් රයිඩර්ස් පිල සිව්වරක් ශූරතාව දිනාගනිමින් මෙම තරගාවලියේ සාර්ථකම කණ්ඩායම බවට පත්වී ඇත.

- 2079

 


අදහස් (0)

සී.පී.එල්. ගහන්න අපෙන් 3 ක් ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.