Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.එච්. ක්‍රීඩකයෝ හැව්ලොක්ස්ට බැටදෙති
අන්තර් සමාජ රග්බි

සී.එච්. ක්‍රීඩකයෝ හැව්ලොක්ස්ට බැටදෙති

editorial - 2023 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ දෙවැනි සතිය යටතේ හැව්ලොක් පිටියේදී විදුලි අලෝකය මධ්‍යයේ අද (10 වැනිදා) පැවැති තරගයෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 20-13 ක ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 07-00 ක් ලෙස පෙරමුණ ගත් සී.එච්. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 13 ක් එක්කර ගත්හ. හැව්ලොක් ක්‍රීඩා සමාජයද දෙවැනි අර්ධයේදී ලකුණු 13 ක් ලබාගත් නමුත්, පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව සී.එච්. කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිවිය. 

එහිදී සී.එච්. කණ්ඩායම ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබාගත් අතර හැව්ලොක් කණ්ඩායම ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගිනි. හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් සැමුවෙල් මධුවන්ත (50 වැනි විනාඩියේදී) දඬුවම් පහර සාර්ථක කරගත් අතර ජනිදු යසස් 65 වැනි විනාඩියේදීද, චානක චන්දිමාල් 77 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ.

සී.එච්. කණ්ඩායම වෙනුවෙන් ජනිත් ලක්සර (36 වැනි විනාඩියේදී) සහ දිනේෂ් ලක්ෂාන් (73 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම් ලබාගත් අතර එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් මෙන්ම 53 වැනි සහ 76 වැනි විනාඩිවලදී සී.එච්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 2 ද සාර්ථක කරගනු ලැබුවේ හිරුෂ නෙත්මින විසිනි. 

මෙම තරගයේදී හැව්ලොක් කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 9 කද, සී.එච්. කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 4 කද නිරත වූහ. එහිදි හැව්ලොක් කණ්ඩායමේ රන්දිත වර්ණපුර 59 වැනි විනාඩියේදීද, සී.එච්. කණ්ඩායමේ ප්‍රසාත් මධුෂංක 63 වැනි විනාඩියේදීද විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඞ්පත් ලැබූහ. හසන්ත වීරංග මහතා තරගයේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළේය. 


අදහස් (0)

සී.එච්. ක්‍රීඩකයෝ හැව්ලොක්ස්ට බැටදෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.