Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
පිට පිටම සිවුවැනි වරටත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමෙන් වැළකීමේ අරමුණින් යුතුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර (2021) ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසෙනු ඇත. කණ්ඩායම් දෙක අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහ තරගය හෙට (23 වැනිදා) පස්වරු 7.30 ආරම්භ වීමට නියමිතය.
තරගාවලියේ මූලික වටයේදී එකිනෙකාට එරෙහිව තරග වැදුණ අවස්ථා දෙකේදීම ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැති පළමු අවසන් පූර්ව තරගයේදීද ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව ජය වාර්තා කළේය.
මෙම කණ්ඩායම් දෙක එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර ඉකුත් වසරේදී (2020) මෙම කණ්ඩායම් දෙක අතර පැවැති අවසන් මහ තරගයෙන් ලකුණු 53 ක ජයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම් සමත් විය. ඉකුත් වසරේදී මෙන්ම මෙම වසරේදීද යාපනය කණ්ඩායම තිසර පෙරේරා විසින්ද, ගාල්ල කණ්ඩායම භානුක රාජපක්ෂ විසින්ද මෙහෙයවනු ලබති.
අවසන් මහ තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී යාපනය කණ්ඩායමේ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි කියා සිටියේ සිය කණ්ඩායමේ කී‍්‍රඩකයන් කෙටි ලකුණු ලබාගැනීමට වඩා විශාල පහර කරා යෑමට වැඩි උනන්දුවක් දැක්වීම පළමු අවසන් පූර්ව තරගයේදී ගාල්ල කණ්ඩායම හමුවේ ලැබූ පරාජයට බෙහෙවින්ම බලපෑ බවය.
”පළමු අවසන් පූර්ව තරගයේදී වුණ වරද අපි දෙවැනි අවසන් පූර්ව තරගයේදී හදාගත්තා. ඒ නිසා තමයි අවිෂ්කටයි ගුර්බාස්ටයි හොඳ සම්බන්ධතාවක් ගොඩනගන්න පුළුවන් වුණේ. ඒ විදියටම අවසන් තරගයේදිත් කෙටි ලකුණු ලබාගැනීම කෙරෙහි අපි වැඩි අවධානයක් යොමු කරනවා.” යැයි වැඩි දුරටත් අදහස් දැක්වූ කණ්ඩම්බි මහතා පැවැසීය.
2012 වසරේදී පැවැති ශ්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගත් ඌව නෙක්ස්ට් කණ්ඩායමට නායකත්වය දුන් කණ්ඩම්බි මහතා, 2020 වසරේදී පැවැති ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කළේය. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ යාපනය කණ්ඩායම එල්.පී.එල්. අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය විය.
දෙවැනි අවසන් පූර්ව තරගයේදී කළවේ ආබාධයකට ලක්වූ ඇෆ්ඝනිස්තාන් ජාතික කඩුලූ රකින කී‍්‍රඩක ගුර්බාස්ගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් තිබෙන බවත්, භෞතචිකිත්සකවරයාගේ උපදෙස්වලට අනුව අවසන් මහ තරගය සඳහා ගුර්බාස්ගේ සහභාගීත්වය පිළිබඳව තීරණයක් ගන්නා බවත් යාපනය කණ්ඩායමේ නායක තිසර පෙරේරා කියා සිටියේය.
ගාල්ල කණ්ඩායමට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී පන්දු 37 කින් ලකුණු 59 ක්ද, දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පන්දු 40 කින් ලකුණු 70 ක්ද, රැස්කළ ගුර්බාස්ගේ සේවය අවසන් මහ තරගයේදී යාපනය කණ්ඩායමට අහිමි වුවහොත් එය ඔවුන්ට විශාල පාඩුවක් වනු ඇත.
මේ අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ කියා සිටියේ මෙවර තරගාවලියේදී තුන් වරක්ම යාපනය කණ්ඩායම පරාජය කිරීමට තම කණ්ඩායම සමත්ව තිබීම කණ්ඩායමේ කී‍්‍රඩකයන්ගේ ආත්ම විශ්වාසය ඉහළ නංවන්නක් බවය. එම තරග තුනේදී අර්ධ ශතකයක් සමග ලකුණු 104 ක් රැස්කරගෙන සිටින භානුක අවසන් මහ තරගයේදීද කණ්ඩායමේ බර සිය කර මතට ගැනීමට සූදානමින් සිටියි.
යොවුන් ආසියානු කුසලාන තරගාවලියේදී ඇෆ්ඝනිස්ථානය නියෝජනය කිරීම සඳහා ගාල්ල කණ්ඩායමට කී‍්‍රඩා කළ චයිනමන් පන්දු යවන කී‍්‍රඩක නූර් අහමඞ් ආපසු සිය රට බලා ගොස් ඇත. කෙසේ වුවත් අහමඞ්ගේ හිදැස පිරවීමට තරම් අවශ්‍ය දඟ පන්දු බැළෑණියක් තම කණ්ඩායම සතුව සිටින බවද භානුක මධ්‍ය හමුවේ වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
මෙතෙක් පැවැති තරගවලදී ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් අර්ධ ශතක 2 ක් සමග ලකුණු 288 ක් ලබා වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ රැදී සිටියි. යාපනය කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිෂ්ක ප‍්‍රනාන්දු ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 249 ක් ලබා එම ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයේ පසුවේ.
ගාල්ල කණ්ඩායමේ සමිට් පටේල් සහ යාපනය කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ කඩුලූ 15 බැගින් ලබා තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීන් අතර පෙරමුණේ පසුවෙති. කෙසේ වුවත් කඩුල්ලක් ලබාගැනීමේ සාමාන්‍යය අනුව ගත් කළ පටේල්ට (12.46) එම ලැයිස්තුවේ පළමු ස්ථානයත්, තීක්ෂණට (14.45) තෙවැනි ස්ථානයත් හිමිව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.