Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිවුදින තරගය ජය පැරදුමෙන් තොරයි
එංගලන්ත සංචාරය

සිවුදින තරගය ජය පැරදුමෙන් තොරයි

editorial - 2022 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම අතර එංගලන්තයේ සදම්ප්ටන් ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.

අවසන් දිනය වූ අද (16 වැනිදා) දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා නැඟී ක්‍රීඩකයෝ කඩුලු 3 ක් දැවී ලකුණු 107 ක් ලබා සිටියහ. වර්ෂාව හේතුවෙන් දිවා ආහාරයෙන් අනතුරුව යළිත් තරගය ආරම්භ කිරීමට නොහැකි විය. 

ඒ අනුව තරගය නිමාවන විට හැම්ප්ෂයර් කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම ලකුණු 136 ක් ඉදිරියෙන් සිටි අතර ඒ වන විට නුවනිඳු ප්‍රනාන්දු හතරේ පහර 2 ක් සමග ලකුණු 14 ක්ද, ධනංජය ලක්ෂාන් ලකුණු 10 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. 

මුලු ලකුණු සංඛ්‍යාව 6 ක් වන විට නායක නිපුන් ධනංජය ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට හැරී පෙටි්‍ර සමත් විය. කෙසේ වුවත් නිෂාන් මධුංෂක (29) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ලසිත් කෲස්පුල්ලේ සමත් විය. 

අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී ඩොමිනික් කෙලීගේ පන්දුවක් හමුවේ දැවී ගිය කෲස්පුල්ලේගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. හතරේ පහර 4 ක් සමග ලකුණු ලබා සිටි මධුෂංක දැවී ගියේ ෆීල්ක්ස් ඕගන්ගේ පන්දුවක් හමුවේ ෆ්ලෙචා මිඩ්ල්ටොන් අතට උඩ පන්දුවක් දෙමිනි. 

දිගින් දිගටම ඇද හැළුණ වර්ෂාව හේතුවන් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (15 වැනිදා) එක් පන්දුවක් හෝ යැවීමට නොහැකි විය. එබැවින් දෙවැනි දිනය අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 252 ක් ලබා සිටි හැම්ප්ෂයර් කණ්ඩායම අද සිය ඉනිම අත්හිටුවමින් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. 

ශ්‍රී ලංකා නැඟී එන පිලේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 281 

හැම්ප්ෂයර් ප්‍රාන්ත පිලේ පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 252 

ශ්‍රී ලංකා නැඟී එන පිලේ දෙවැනි ඉනිම - කඩුලු 3 කට 107 
(ලසිත් කෲස්පුල්ලේ 43, නිෂාන් මධුෂංක 29, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 14) 

-036 


අදහස් (0)

සිවුදින තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.