Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිතාර - නුවනිඳු කොළඹ පිල දිනවති
නැෂනල් සුපර් ලීග්

සිතාර - නුවනිඳු කොළඹ පිල දිනවති

editorial - 2022 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිතාර ගිම්හාන්...

(ශානුක අරවින්ද)

සිතාර ගිම්හාන් (110) සහ නුවනිඳු ප්‍රනාන්දු (100) ලබාගත් අගනා ශතක හමුවේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 13 වැනි තරගයේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 107 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 318 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට කළණ පෙරේරා සහ ළහිරු මධුෂංක ප්‍රමුඛ කොළඹ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 48.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 210 ක් පමණි. කළණ සහ ළහිරු එහිදී කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වූහ.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ලසිත් අබේරත්න (57) සහ සමීර සඳමාල් (57) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූවද, ඔවුන්ට සිය කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීමට නොහැකි විය. එහිදී ළහිරු සමරකෝන් පන්දු 32 කදී ලකුණු 34 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 317 ක් ලබාගත් අතර එහිදී සිතාර ගිම්හාන් (110) සහ නුවනිඳු ප්‍රනාන්දු (100) ශතක ලබාගත්හ. පන්දු 104 කින් ලබාගත් ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 13 කින් සැරසීමට ගිම්හාන් සමත් වූ අතර පන්දු 82 කදී ලබාගත් නුවනිඳුගේ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.

කොළඹ ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් නිපුන් ධනංජය (47) සමග එක්ව පන්දු 146 කදී ලකුණු 129 ක් ගොඩනැගූ ගිම්හාන්, ඉන් නොනැවතී නුවනිඳු සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 70 කදී වාර්තා වූ ධනංජයගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.


කොළඹ පිල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 317
(සිතාර ගිම්හාන් 110, නිපුන් ධනංජය 47, නුවනිඳු ප්‍රනාන්දු 100, අෂේන් බණ්ඩාර 24, දුෂාන් හේමන්ත 56/3, ළහිරු සමරකෝන් 41/2)

දඹුල්ල පිල - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 210
(ලසිත් අබේරත්න 57, සමීර සඳමාල් 57, ළහිරු සමරකෝන් 34, කළණ පෙරේරා 30/3, ළහිරු මධුෂංක 50/3, මොහොමඩ් ඩිල්ෂාඩ් 45/2)

සිතාර ගිම්හාන්...

 

නුවනිඳු ප්‍රනාන්දු...

 

ලසිත් අබේරත්න...

 

සමීර සඳමාල්...

 

නුවනිඳු ප්‍රනාන්දු...


අදහස් (0)

සිතාර - නුවනිඳු කොළඹ පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.