කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (13) ආරම්භ වූ 135 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය අද පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 134 ක් රැස්කරමින් ප‍්‍රබල තත්ත්වයක පසුවිය.
ක‍්‍රීඩාව නතර කරන විට සනීෂ් ද මෙල් (නොදැවී 40) සහ හෙළකමල් නානායක්කාර (නොදැවී 01) පන්දුවට පහර දෙමින් සිටියහ.
ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කරමින් යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ තිලක්‍ෂ සුමනසිරි ලකුණු 35 ක් රැුස්කර ගැනීමෙන් පසුව දැවීගියේය. සාන්ත තෝමස් විදුහල් පළමු කඩුල්ල ලෙස හතරේ පහර 5 ක් සමගින් ලකුණු 21 ක් ලබා රෂ්මික ඕපාත දැවී ගියේය.
හරිත් සමරසිංහගේ (50) සහ තිරාන් ධනපාලගේ (46) නවවැනි කඩුල්ලේ වාර්තාගත සම්බන්ධතාව නිසා පළමුව පන්දුවට පහර දුන් රාජකීය විදුහල් පිලට ලකුණු 158 ක් රැුස්කිරීමට හැකි විය.
තිරාන් සහ හරිත් නවවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 96 ක සම්බන්ධතාව වසර 135 ක ඉතිහාසයකට හිමිකම් කියන නිල් මහ සටන මහ ක‍්‍රිකට් ඉතිහාසයේ නවවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ඉහළ සම්බන්ධතාව ලෙස වාර්තා පොතට එකතු විය. එහි පැරණි වාර්තාව වසර 35 ක් පැරණි වාර්තාවක් වීම කැපී පෙනේ.
සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් මහින්ද හලන්ගොඩ (නොදැවී 70) සහ සී. පී. රිචඞ්ස් (නොදැවී 20) 1979 වසරේ නවවැනි කඩුල්ල සදහා ලකුණු 91 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් පැරණි වාර්තාවට හිමිකම් කීහ.
අංක 10 පිතිකරු ලෙස පිටියට පැමිණි හරිත් සමරසිංහ පන්දු 57 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 50 ක් රැුස් කරමින් නවවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. තිරාන් ධනපාල සටන්කාමී ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 99 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 46 ක් රැස් කළේය.
සහන් විජේසිංහ (45/4) සහ අක්තාබ් කාදර් (37/4) දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් සාන්ත තෝමස් විදුහල පෙරමුණට ගෙන ඒමට සමත් වූහ.
දිවා විවේකයෙන් පසුව ලකුණු 7 ක් තුළදී නායක චාමික කරුණාරත්න ඇතුඵව කඩුලූ තුනක් බිද වැටීමෙන් රාජකීය විදුහල ලකුණු 59 ට කඩුලූ 8 ක් බවට පත්වෙමින් දැඩි අසීරු අඩියකට ඇද වැටුණි. දිවා විවේකය වන විට රාජකීය විදුහල කඩුලූ 5 ක් දැවී ලකුණු 52 ක් ලබා සිටියේය.
දිවා විවේකයට පෙර තිරාන් ධනපාල ලකුණු 2 ක් ලබා සිටියදී සහන් විජේසිංහගේ පන්දුවකට උඩ පන්දුවක් රැකගත්ත ද එම පන්දුව නිපන්දුවක් බවට විනිසුරු සංඥා කිරීමෙන් තව දුරටත් කඩුල්ලේ රැදී සිටීමේ අවස්ථාව උදා විය.
ආරම්භක පිතිකරු ගීෂාත් පණ්ඩිතරත්න ලකුණු 25 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වීම රාජකීය විදුහලට දැඩි පාඩුවක් බවට පත්විය.
වමතින් වේග පන්දු යවන අක්තාබ් කාදර් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් රාජකීය විදුහල් පිලේ මෙම තරග වාරයේ වැඩිම ලකුණු ලාභියා වන රන්දේව් පතිරණ (06) සිවුවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කරමින් ලකුණු 23 කට කඩුලූ 4 ක් බවට පත්කිරීමට සමත් විය.
වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට ද සහභාගි වූ හෂේන් රාමනායක (0) පළමු පන්දුවේදීම දැවී යෑම කැපී පෙනුණි.
අක්තාබ් කාදර් කඩුලූ දඩයම අරඹමින් හසිත සමරසිංහ (08) දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කළේය.
සාන්ත තෝමස් විදුහල් පිලේ නායක මධුෂාන් රවිචන්ද්‍රකුමාර් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
හෙට (14) තරගයේ දෙවැනි දිනයයි.
ලකුණු පුවරුව
රාජකීය විදුහල පළමු ඉනිම
ශාමින්ද ඩයස් - ක. මූ. කළා ප. සහන් විජේසිංහ 1
ගීෂාත් පණ්ඩිතරත්න-ඇ. තේනුක වික‍්‍රමසිංහ ප. හෙළකමල් නානායක්කාර 25
හසිත සමරසිංහ - ඇ. මධුෂාන් රවිචන්ද්‍රකුමාර් ප. අබ්දුල් කාදර් 8
හෂේන් රාමනයක - ක. මූ. කළා ප. අබ්දුල් කාදර් 0
රන්දේව් පතිරණ - ප. අබ්දුල් කාදර් 6
චාමික කරුණාරත්න - ඇ. හෙළකමල් නානායක්කාර ප. තරි`දු රත්නායක 11
තිරාන් ධනපාල - ඇ. යොහාන් මෙන්ඩිස් ප. සහන් විජේසිංහ 46
උමේෂ් සූරියබණ්ඩාර - ඇ. මධුෂාන් රවිචන්ද්‍රකුමාර් ප. සහන් විජේසිංහ 1
දේවින් පත්මනාදන් - ක. මූ. කළා ප. සහන් විජේසිංහ 0
හරිත් සමරසිංහ - ඇ. සනීෂ් ද මෙල් ප. මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 50
අනූප තිලකරත්න - නොදැවී 0
අතිරේක 10
එකතුව ඕවර 50.2 කදී සියලූ දෙනා දැවී 158
කඩුලූ වැටීම:
1-2(ශාමින්ද ඩයස්), 2-17(හසිත සමරසිංහ), 3-17(හෂේන් රාමනායක), 4-23(රන්දේව් පතිරණ), 5-44(ගීෂාත් පණ්ඩිතරත්න), 6-58(චාමික කරුණාරත්න), 7-59(උමේෂ් සූරියබණ්ඩාර), 8-59(දේවින් පත්මනාදන්), 9-155(හරිත් සමරසිංහ), 10-158(තිරාන් ධනපාල)
පන්දු යැවීම:
අබ්දුල් කාදර්: 12-1-37-3, සහන් විජේසිංහ: 15.2-4-45-4, තේනුක වික‍්‍රමසිංහ: 3-1-6-0, හෙළකමල් නානායක්කාර: 6-2-15-1, තරි`දු රත්නායක: 10-3-32-1, මධුෂාන් රවිචන්ද්‍රකුමාර්: 2-0-8-1, සචින්ත ජයතිලක: 1-0-4-0, තිලක්‍ෂ සුමනසිරි: 1-0-7-0
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම
යොහාන් මෙන්ඩිස් - ප. චාමික කරුණාරත්න 29
රෂ්මික ඕපාත - ප. අනූප තිලකරත්න 21
සනීෂ් ද මෙල් - නොදැවී 40
තිලක්‍ෂ සුමනසිරි - ඇ. රන්දේව් පතිරණ ප. හෂේන් රාමනායක 35
හෙළකමල් නානායක්කාර - නොදැවී 1
අතිරේක 8
එකතුව ඕවර 40 කදී කඩුලූ 3 ක් දැවී 134
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
මධුෂාන් රවිචන්ද්‍රකුමාර්, සහන් විජේසිංහ, අබ්දුල් කාදර්, තරිදු රත්නායක, සචින්ත ජයතිලක, තේනුක වික‍්‍රමසිංහ
කඩුලූ වැටීම:
1-26(රෂ්මික ඕපාත), 2-76(යොහාන් මෙන්ඩිස්), 3-127(තිලක්‍ෂ සුමනසිරි)
පන්දු යැවීම:
චාමික කරුණාරත්න: 12-3-24-1, අනූප තිලකරත්න: 9-1-39-1, හෂේන් රාමනායක: 6-0-22-1, හසිත සමරසිංහ: 2-0-03-0, හරිත් සමරසිංහ: 5-1-22-0, රන්දේව් පතිරණ: 4-1-11-0, දෙවින් පත්මනාදන්: 2-0-08-0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.