Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්වීඩනයත් අර්ධ අවසන් පූර්ව වටයට ‘නම’දෙයි

ස්වීඩනයත් අර්ධ අවසන් පූර්ව වටයට ‘නම’දෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්වීඩන් ක්‍රීඩක එමිල් ෆෝර්ස්බර්ග්ගේ ජයග්‍රාහී ගෝලය හමුවේ ස්විට්සර්ලන්තයට එරෙහිව ගෝල 1-0 කින් ජයගත් ස්වීඩනය මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත් 7 වැනි රට බවට අද (3) පත්විය. මෙම තරගය රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රියේදී නිමාවට පත්විය.

තරගයේ පළමු භාගය දෙපිලම ලකුණු නොලබා අවසන් කළද, දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු 21 ට පසු 66 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ස්වීඩන් ක්‍රීඩක ෆෝර්ස්බර්ග් ලබාගත් ගෝලයත් සමග ස්වීඩනයට මෙවර තරගාවලියේ රැදී සිටීමේ වාසනාව මතුවිය. ස්වීඩනය 1994 වසරින් පසු ලෝක කුසලාන තරගාවලියකදී, අර්ධ අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලබාගනු ලබන්නේ වසර 24 කට පසුව වීම විශේෂත්වයකි.

තරගයේ වැඩි ප්‍රමාණයක් පන්දුව ස්වීඩනයේ පා අතර දෝලනය වූ අතර ස්විට්සර්ලන්තයට ගෝලයක් වාර්තා කිරීමට ස්වීඩනයේ ඉදිරි වළල්ලෙන් කිසිසේත් අවස්ථාවක්  හිමි නොවීය. තරගයේ 79 වැනි මිනිත්තුවේදී ස්විට්සර්ලන්තයට ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාව පැවතියත් ස්වීඩන් ඉදිරිපෙළ ප්‍රහාරකයෙකු වන ෆෝර්ස්බෝග් පන්දුව ගෝල සීමාවෙන් එපිටට යොමු කිරීම නිසා ස්විට්සර්ලන්තයේ අවසන් බලාපොරොත්තුවද බොඳ විය.

තරගයේ ජයග්‍රහණය පෙනිපෙනීත් වේගවත් ධාවනයකින් පසුව නැවතත් ගෝලයක් වාර්තා කිරීමට ස්වීඩන් ක්‍රීඩක ඔල්සන් උත්සාහ කළද, ස්විට්සර්ලන්ත ක්‍රීඩක මයිකල් ලෑන්ග් දඬුවම් ප්‍රදේශයේදී හිරිහැර කිරිම නිසා ස්වීඩනයට දඬුවම් පහරක් ප්‍රදානය කිරීමට තරග විනිසුරුවරයා තීරණය කළේය. එහෙදී ස්විට්සර්න්ත දැල රකින්නා  විසින් පන්දුව නවතා ගැනීමට සමත් වුවත් ඒ මොහොතේදීත් ස්වීඩනය තරගය ජයගෙන අවසන්ය.

1930 සහ 1960 දක්වා කාල වකවානුවලදී පාපන්දු ක්‍රීඩාවේ නමක් දිනා තිබූ ස්වීඩනය එවකට පැවැති ලෝක කුසලාන තරගවලදී වැඩි දක්ෂතා දැක්වීමට හැකියාව ලැබිණ.  1958 වර්ෂයේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී බ්‍රසීලය හමුවේ ගෝල 5-2 කින් පරාජයට පත්වීම නිසා එවර අනුශූරතාවයෙන් සෑහීමට ස්වීඩනයට සිදුවිය. නැවතත් කලකට පසු සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙමින් 1994 වර්ෂයේදී බල්ගේරීයාවට එරෙහිව තෙවන ස්ථානය සඳහා පැවැති තරගයෙන් ගෝල 4-0 කින් ජයගනිමින් ස්වීඩනය නැවතත් පාපන්දු ක්‍රීඩාවේ පෙරළිකාර රටක් බව ලොවට පෙන්වීය.  

එතැන් සිට අද දක්වාම ලෝක කුසලාන තරගාවලි කිහිපයකට සහභාගී වුවද, අවසන් 16 වටයෙන් ඉදිරියට යාමට ස්වීඩනයට හැකියාවක් නොලැබුණි. නමුත් අද (3) දිනයේ ස්විට්සර්ලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමගින් ස්වීඩනය නැවතත් ඉතිහාසය අලුතින් ලියමින් සිටියි.

මෙවර පළමු වටයේදී ‘එෆ්’ කාණ්ඩයෙන් තරගවැදි ස්වීඩනය සිය පළමු තරගයෙන්ම කොරියාවට එරෙහිව ගෝල 1-0 කින් ජය ගැනීමට සමත් විය. ජර්මනියට එරෙහිව පැවැති තරගය ගෝල 2-1 කින් පරාජයට පත්වුවද, මෙක්සිකෝවට එරෙහිව පැවති තරගය ගෝල 3-0 කින් ජය ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය. 16 දෙනාගේ වටයේ අවසන් තරගයට සහභාගි වන එංගලන්තය සහ කොලොම්බියාව අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායමට එරෙහිව ස්වීඩනය අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය.

- 024

 


අදහස් (0)

ස්වීඩනයත් අර්ධ අවසන් පූර්ව වටයට ‘නම’දෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.