Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්මිත්ට සෙසු තරග අහිමි වෙයි
ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය

ස්මිත්ට සෙසු තරග අහිමි වෙයි

editorial - 2022 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 

ශ්‍රී ලංකාවට එරෙහිව ඉකුත් ඉරිදා (13 වැනිදා) සිඩ්නිහිදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී හයේ පහරක් වැලැක්වීමට ගත් උත්සායකදී සිදුවූ අනතුරක් නිසා කම්පනයට පත්වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත්ට තරගාවලියේ සෙසු තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී ඇත.

තරගයේ අවසන් ඕවරයේ සිවුවැනි පන්දුවේදී මහීෂ් තීක්ෂණ ගැසූ හයේ පහරක් වැලැක්වීමට ගත් උත්සායකදී බිම ඇද වැටී, හිස තදින් පොලොවේ වැදීම හේතුවෙන් ස්මිත් එම අනතුරට මුහුණ පෑවේය. මේ වන විට ස්මිත් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත්, ඔහු යථා තත්ත්වයට පත්වීම සඳහා සතියක් පමණ ගතවනු ඇති බවත් ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරයි.

මිඩ් විකට් කළාපයේ සිට හයේ පහර වැලැක්වීම සඳහා සීමාවෙන් පිටතට පැනීමට පෙර ස්මිත්ගේ පාදය සීමාවේ ගෑවී තිබීම නිසා එය හයේ පහරක් බවට පුනුරූපන මගින් සනාත විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දු දෙකේදී ජයග්‍රහණය සඳහා ලකුණු 6 ක ඉලක්කයක් හිමිවිය.

කෙසේ වුවත් එම පන්දු දෙකේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණක් වීම නිසා තරගයේ ලකුණු සම වීමෙන් ජයග්‍රහණය සුපිරි ඕවරයක් දක්වා ඇදී ගියේය. සුපිරි ඕවරයේදී ශ්‍රී ලංකාව පරාජය කළ ඕස්ට්‍රේලියානුවෝ 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්හ.

-036 

 


අදහස් (0)

ස්මිත්ට සෙසු තරග අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.