Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්ථාන 3 කට කණ්ඩායම් 7 ක් කරට කර සටනක
මේජර් ලීග් පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය

ස්ථාන 3 කට කණ්ඩායම් 7 ක් කරට කර සටනක

editorial - 2024 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග කිහිපය අනිද්දා (10 වැනිදා) පැවැත්වෙන අතර අවසන් පූර්ව වටයේ ස්ථාන 3 ක් සඳහා එහිදී කණ්ඩායම් 7 ක් කරට කර සටනක නිරත වී සිටියි. 

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය කල් වේලා ඇතිවම ‘බී’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසි අතර සෙසු ස්ථාන 3 සඳහා ‘ඒ’ කාණ්ඩයෙන් කණ්ඩායම් 2 ක්ද, ‘බී’ කාණ්ඩයෙන් එක් කණ්ඩායමක්ද අනිද්දා පැවැත්වෙන තරග අවසානයේ සුදුසුකම් ලබනු ඇත. 

තරගාවලියට සහභාගිවී සිටින සෙසු කණ්ඩායම් 21 න් කණ්ඩායම් 7 කට පමණක් මේ වන විට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව පවති. ‘ඒ’ කාණ්ඩයේ කණ්ඩාඩයම් 4 ක්ද, ‘බී’ කාණ්ඩයේ කණ්ඩායම් 3 ක්ද එලෙස අවස්ථාව පවතින කණ්ඩායම් 7 ට ඇතුළත්ය.  

සෙබස්තියනයිට්ස් (ලකුණු 13), කෝල්ට්ස් (ලකුණු 12), මීගමුව (ලකුණු 12) සහ සී.සී.සී. (ලකුණු 11) යන ක්‍රීඩා සමාජ මේ වන විට ‘ඒ’ කාණ්ඩයේ මුල් ස්ථාන 4 අතරේ රැදෙමින් අවසන් පූර්ව වටයට පිවිසීමට මාන බලමින් සිටියි. 

ගුවන් හමුදාවට එරෙහිව පැවැත්වෙන තරගය ජයගැනීමට සමත් වුවහොත් සෙබස්තියනයිට්ස් කණ්ඩායම නිසැකවම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. එහෙත් එම තරගයේදී පරාජය වුවහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා සෙසු කණ්ඩායම් දිනන පරදින ආකාරය දෙස බලා සිටීමට සිදුවනු ඇත. 

කෝල්ට්ස් කණ්ඩායම කුරුණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිවද, මීගමුව කණ්ඩායම රාගම කණ්ඩායමට එරෙහිවද, සී.සී.සී. කණ්ඩායම ද්‍රවිඩ සංගම් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිත අතර අවසන් පූර්ව වටයට කෙරෙහි බලාපොරොත්තු රඳවා ගැනීම සඳහා ඔවුන් අනිවාර්යෙන්ම එම තරග ජයගත යුතුය. 

බදුරලිය (ලකුණු 13), එන්.සී.සී. (ලකුණු 12) සහ බ්ලූම්ෆීල්ඞ් (ලකුණු 11) යන ක්‍රීඩා සමාජ පිළිවෙලින් ‘බී’ කාණ්ඩයේ දෙවැනි, තෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන්නේ එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසෙන සෙසු කණ්ඩායම බවට පත්වීමේ අරමුණ ඇතිවය. 

හලාවත මේරියන්ස් කණ්ඩායමට පරාජය කිරීමට සමත් වුවහොත් බදුරලිය කණ්ඩායමටද නිසැකවම අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව උදාවන නමුත්, ඉන් පරාජය වුවහොත් ඔවුන් දැඩි අවදානම් තත්වයකට පත්වනු ඇත. එසේ වුවහොත් එන්.සී.සී. සහ බ්ලූම්ෆීල්ඞ් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයන්ටද අවසන් පූර්ව වටයට කෙරෙහි බලාපොරොත්තු රඳවාගත හැකිය. 


අදහස් (0)

ස්ථාන 3 කට කණ්ඩායම් 7 ක් කරට කර සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.