Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල් තරගාවලියේදී උඩපන්දුවක් රැකගැනීමට යාමේදී දබරැඟිල්ලේ අස්ථියක් බිඳගැනීමට නිසා එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ට මාස 3 ක කාලයක් (සති 12 ක්) ක්‍රිකට් පිටියෙන් ඉවත්වී සිටීමට සිදුවන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
උඩපන්දුව රැකගැනීමට යාමේදී වම් අතේ දඹරගිල්ලේ අස්ථියක් පිපිරී ගොස් ඇති බව බ්‍රහස්පතින්දා (15 වැනිදා) කරන ලද එක්ස්-රේ සහ සී.ටී ස්කෑන් පරීක්‍ෂණවලින් තහවුරු වී තිබේ. එබැවින් බෙන් ස්ටෝක්ස්ට සති 12 ක කාළයක් විවේක ගැනීමට සිදුවන බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ නිවේදනයේ දැක්වේ.
මේ වනවිට බෙන් ස්ටෝක්ස් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සමගින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල රැඳී සිටින අතර හෙට (17 වැනිදා) නැවතත් එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතව ඇත. ඔහුට ලබන සඳුදා ලීඩ්ස්හිදී ශල්‍යකර්මයක් කිරීමට නියමිතය.
මෙම ආබාධය නිසා ලබන ජුනී මාසයේදී නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සහ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ස්ටෝක්ස්ට අහිමිවී යනු ඇත. කෙසේ වෙතත් පාකිස්තානයට එරෙහිව පැවැත්විමට නියමිත සීමිත ඕවර තරගාවලියේදී සහ ඉන්දියාවට එරෙහිව පැවැත්වීම නියමිත තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී නැවතත් ක්‍රීඩා කිරීමට ස්ටෝක්ස්ට අවස්ථාව හිමිවනු ඇත.
බෙන් ස්ටෝක්ස්ට අයි.පී.එල් තරගාවලියේ ඉදිරි තරග සියල්ලම අහිමිවන බව රාජස්තාන් රෝයල්ස් පිල මෙම සතිය ආරම්භයේදීම නිවේදනය කළේය.
“රාජස්ථාන් රෝයල්ස් හි සිටින සෑම කෙනෙක්ටම බෙන් වටිනා වස්තුවක්. රෝයල්ස් පවුලේ වටිනා සාමාජිකයෙක්. බෙන් ස්ටෝක්ස්ව පිටියේදීත් ඉන් පිටතත් අගය කරන අතර ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා” යැයි කණ්ඩායම පැවසීය.
විසිනම හැවිරිදි ස්ටොක්ස් පිට පිටම දෙවන වරටත් විස්ඩන් සඟරාව විසින් ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මේ සතියේදී නම් කරන ලදි. අතර එම සම්මානය දෙවරක් දිනාගත් පළමු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයා බවට ද ස්ටෝක්ස් පත්විය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.