
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අතිරේ ක්‍රීඩකයකු ලෙසින් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන සිටි ස්ටීවන් ස්මිත්ට ඕස්ට්‍රේලියානු සංචිතයට ඇතුළුවීම සඳහා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ තාක්‍ෂණික කමිටු අවසරය ලැබී තිබේ.
එබැවින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (16 වැනිදා) සවස පල්ලෙකැළේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී අවශ්‍යනම් ක්‍රීඩා කිරීමට ස්ටීවන් ස්මිත්ට නිල අවසරය ලැබී ඇත.
ඉදිරිපෙළ පිතිකරුවකු මෙන්ම ඉතාම කළාතුරකින් පා දඟ පන්දු යවන ස්ටීවන් ස්මිත් ඕස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත් වී ඇත්තේ වේග පන්දු යවන්නකු වන ජොෂ් හේසල්වුඩ් වෙනුවෙනි.
පාදයේ බත්කෙණ්ඩ ආසන්නයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ජොෂ් හේසල්වුඩ්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. ඕස්ට්‍රේලියානු වෛද්‍ය කණ්ඩායම් බලාපොරොත්තු වූයේ හේසල්වුඩ් කණ්ඩායමේ රඳවා ගනිමින් ඉදිරි තරග සඳහා හෝ සූදානම් කරගැනීමයි. එහෙත් එය අසාර්ථක වන බැවින් ස්ටීවන් ස්මිත් සංචිතයට එකතු කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.