Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය මංගල ටෙස්ට් තරගයේදීම ඕස්ටේ‍්‍රලියානුවන්ගේ වීරයකු බවට පත්වු ස්කොට් බෝලන්ඞ්, ඕවර 4 කදී ලකුණු 07 කට කඩුලූ 6 ක් දවාගනිමින් මෙල්බර්න් ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 14 ක ජයක් ඕස්ටේ‍්‍රලියානුවන්ට අත්පත් කර දුන්නේය. අද දිනයේදී ලබාගත් මෙම ජයත් සමගින්, ඕස්ටේ‍්‍රලියානුවෝ, අළු බඳුන තරගාවලියේ, තවත් තරග දෙකක් ඉතිිරිව තිබියදීම 3-0 ක් ලෙසින් තරගාවලිය ජයගත්හ.
ඕස්ටේ‍්‍රලියානු මුල් ඉනිම ලකුණු 267 කට සීමාකරගත් නමුත් ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීමට නම් එංගලන්තය සිය දෙවැනි ඉනිමේදී ලකුණු 82 ක් ලබාගත යුතුව තිබිණ. එය පිතිකරුවකුට තනිවම ලබාගත හැකි ලකුණු සංඛ්‍යාවක් වුවද ස්කොට් බෝලන්ඞ්ගේ පන්දු යැවීම හමුවේ විපිළිසරවූ එංගලන්ත පිතිකරුවෝ සියලූ දෙනාම ලකුණු 68 කට දැවී ගියහ.
එය එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේ 13 වැනි අඩුම ලකුණු සංඛ්‍යාවයි.
”අපි දිනන බව නම් මම දැනගෙන හිටියා. ඒත් දිවා ආහාරයට ඉස්සරවෙලා ඒක කරගන්න පුළුවන් වෙයි කියලා නම් අදහසක් තිබුණේ නෑ” යයි තරගයේ වීරයා වූ බෝලන්ඞ් පැවසීය.
ස්කොට් බෝලන්ඞ් ගැන වැඩි දෙනා දැන සිටියේ නැත.
නත්තල අත පොවන දුරින් තිබියදී, තේරීම් කමිටුවේ කැඳවීම ලත් මඳ වේග පන්දු යවන්නා, අද පෙරවරුවේදී සිය පන්දු යැවීම සටහන් කළේ ඕවර 4-1-07-6 ක් ලෙසිනි. බෝලන්ඞ් මෙම දස්කම කළ මෙල්බර්න් කී‍්‍රඩාංගණය, ෂෙෆීල්ඩ් පළිහ වෙනුවෙන් ඔහු කී‍්‍රඩා කරන වික්ටෝරියා ප‍්‍රාන්තයේ කී‍්‍රඩාංගණයද වෙයි.
තරගය නැරඹීමට පැමිණි 42,000 ක් පමණ වූ මෙල්බර්න් වාසීහු, තමන්ගේ ප‍්‍රාන්තය වෙනුවෙන් කී‍්‍රඩා කරන ස්කොට් බෝලන්ඩ්ගේ පන්දු යැවීම දෙස විසල් දෑසින් බලා සිටියහ.
සඳුදා සන්ධ්‍යාවේදී යැවූ සිය පළමු ඕවරයේදීම එංගලන්ත ආරම්භක පිතිකරු හසීබ් හමීඞ් සහ මුරකරු පිතිකරු ජැක් ලීච් දවාගත් බෝලන්ඞ් අද පෙරවරුවේදී යැවූ පළමු ඕවරයේදී ජොනී බෙයාර්ස්ටෝගේ ඉනිම නිමා කළේය. ඒ වන විට එංගලන්ත පිලේ කඩුලූ 6 ක් ලකුණු 60 කට බිඳ වැටී තිබූ අතර ඒවායින් 3 කටම බෝලන්ඞ් හිමිකම් කීවේය.
සිය තුන්වැනි ඕවරයේදී එංගලන්ත නායක ජෝ රූට් දවාගත් බෝලන්ඞ්, පසුපෙළ පිතිකරුවන් වන මාක් වුඞ් සහ ඔලී රොබින්සන් දවාගනිමින් ටෙස්ට් තරගයකදී අඩුම පන්දු සංඛ්‍යාවකින් (පන්දු 19 කින්) කඩුලූ 5 ක් දවාගත් පන්දු යවන්නන්ගේ සමාජයටද එක්විය. එහි පැරණි සාමාජිකයන් වන්නේ 2015 අළු බඳුන තරගාවලියේදී එම දස්කම කළ ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ 1947 දී පළමුවෙන්ම එහි සාමාජිකයා වූ ඕස්ටේ‍්‍රලියාවේ අර්නි ටොෂෙක් දෙදෙනාය.
සිය මංගල ටෙස්ට් තරගයේදීම ලකුණු 07 කට කඩුලූ 6 ක් දවාගත් ස්කොට් බෝලන්ඞ්, ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට ඉනිමක ජයග‍්‍රහණයත්, අළු බඳුනත් දිනා දුන් බැවින් ඊටත් වඩා හොඳ තරගයෙක් අපේක්‍ෂා කළ නෙහැකිය.
”මීට ඉස්සර කවදාවත්, ඒ වගේ විශාල නරඹන්නන් පිරිසක්, මා වෙනුවෙන් ඔල්වරසන් දෙනවා මම දැකලා තිබුණේ නෑ...”
”මම ෆයින් ලෙග් හි කී‍්‍රඩා කරන වෙලාවේ මට ඒක හරිම ආශ්වාදජනක හැ`ගීමක් වුණා.. ඒ විතරක් නෙමේ,.. මම පන්දු යවන්න දුවගෙන එන වෙලාවෙදි ඔවුන් සියලූ දෙනාම එක්වෙලා මාව තල්ලූ කරනවා වගේ හැඟීමක් මට ඇති වුණා” යයිද තරගයෙන් පසුව ස්කොට් බෝලන්ඩ් පැවසීය.
අවසන් මොහොතේදී බෝලන්ඞ් මෙම තරගයට එක්වූයේ ඉදිරිපෙළ වේග පන්දු යවන්නන් වන ජොස් හේසල්වුඞ් සහ ජායි රිචඞ්සන් දෙදෙනාම අබාධයන්ට ලක්වූ බැවිනි.
ස්කොට් බෝලන්ඞ්, ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් පිලට එක්වූ දෙවැනි ඕස්ටේ‍්‍රලියානු ආදිවාසී කී‍්‍රඩකයාය. 2006 දී ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් පිලට එක්වූ ජේසන් ගිලෙස්පි පළමුවැන්නා විය. කෙසේ වෙතත් බෝලන්ඩ් හැදී වැඩුණේ තමන්ගේ ආදිවාසී ඥාති සම්බන්ධතා පිළිබඳ දැනුම් තේරුමකින් තොරවය.
වසර හතකට ඉහතදී තමන්ගේ මුල් සම්බන්ධතා දැනගත් ස්කොට් බෝලන්ඞ් 2018 දී එංගලන්තයේ සංචාරය කළ ආදිවාසීන්ගේ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට ඇතුළත් විය. ඒ 1868 දී එංගලන්තයේ සංචාරය කළ ඇබොරිජින් කි‍්‍රකට් කණ්ඩායමේ 150 වැනි සංවත්සරය නිමිත්තෙනි.
එංගලන්තයේ බලාපොරොත්තු සියල්ල වාෂ්ප වී තිබේ. ඉතිරිව ඇත්තේ සිඞ්නි සහ බි‍්‍රස්බේන් තරග දෙකේදී තමන්ගේ ගෞරවය රැකගැනීම පමණි. නැතහොත් 5-0 ක පරාජයකට මුහුණ දීමයි.
එංගලන්තය - පළමු ඉනිම 185 යි
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම 267 යි
එංගලන්තය - දෙවැනි ඉනිම 68 යි
(ජෝ රූට් 28, මිචෙල් ස්ටාක් 29/3, ස්කොට් බෝලන්ඞ් 07/6)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.