Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ඉන්දියාවේ චෙන්නායි නුවරදී නිමාවට පත්වූ 61 වැනි සමස්ත ඉන්දීය අන්තර් ප්‍රාන්ත තරගාවලියේදී ශ්‍රී ලංකාව සහය දිවීමේ ඉසව් වෙතින් රිදී පදක්කම් දෙකක් හිමිකර ගත්තේය.
මීටර 4x100 කාන්තා හා මීටර 4x400 පිරිමි යන ඉසව් දෙකෙන් ශ්‍රී ලංකාව එහිදී රිදී පදක්කම් දිනා ගත්තේය.
පෙරේදා (14) ශ්‍රී ලංකාව මීටර 4x400 (පිරිමි) ඉසව්වේ රිදී පදක්කම විනාඩි 3 තත්ත්පර 06.05කට හිමිකර ගත්තේය. අරුණ දර්ශා, පබසර තිකූ, ඉසුරු ලක්ෂාන්, දිනුක් දේශාන් එහිදී ධාවනයේ යෙදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වෙති.
විනාඩි 3 තත්පර 05.34කට මෙහි රන් පදක්කම ඉන්දීය කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව වසර 2000 සිට මේ දක්වා නොනැසී පවතින්නේ විනාඩි 3 තත්පර 02.71 කටය. වෙනුර ලංකා පෙරේරා, වී. රත්නකුමාර්, රංග විමලවංශ හා රොහාන් ප්‍රදීප් කුමාරගෙන් සමන්විත ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියයි.
මේ අතර ‘චෙන්නායි’ නුවරදී අවසන් වූ ඉන්දීය ප්‍රාන්ත තරගාවලියේදී ශ්‍රී ලංකා සහය දිවීමේ කාන්තා කණ්ඩායම මීටර 4x100 ඉසව්වෙන් සෙසු රිදී පදක්කම ලැබීය.
ඉන්දියාවේ ‘සතිසාලා’ නුවරදී පසුගිය වසරේදී පැවැති 60 වැනි සමස්ත ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියට ආරාධනා ලැබීමේදී ශ්‍රී ලංකාව එහිදී එක් රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් හතරක් දිනා ගැනීමට සමත්විය.
ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනකුගේ කණ්ඩායමක් සහභාගි කිරීමෙනි. කාලිංග කුමාරගේ එහිදී මීටර 400 (පිරිමි) ඉසව්වෙන් තත්පර 45.73 කට දිනාගත් රන් පදක්කම මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගත් එකම රන් පදක්කමක් විය.
මීටර 4x100 කාන්තා සහය දිවීමේ ශ්‍රී ලංකා වාර්තාව වසර 2001 ‘එඩ්මන්ටන්’ නුවරදී පිහිටුවූවකි. සුසන්තිකා ජයසිංහ, අනෝමා සූරියආරච්චි, නිම්මි ද සොයිසා හා කේ. වී. දමයන්ති දර්ශා එක්ව තත්ත්පර 43.89කට එම වාර්තාව පිහිටුවා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.