මාතලේ කි‍්‍රස්තුදේව ජාතික පාසලට වසර 150ක් පිරීම නිමිත්තෙන් එච්.ඞී.එස්. ෆොන්සේකා අනුස්මරණ සමස්ත ලංකා පාසල් අවුරුදු 19න් පහළ හොකී තරඟාවලියේදී මාතලේ සහිරා විද්‍යාලයීය හොකී කණ්ඩායම විසින් බාලක ශූරතාව දිනාගන්නා ලදි. මාතලේ ශ්‍රී සංගමිත්තා ජාතික පාසලේ හොකී කණ්ඩායම බාලිකා ශුරතාව දිනාගත්තේය.
සමස්ත ලංකා ක‍්‍රීඩා සමාජ අතර හොකී තරඟාවලියේදී මාතලේ ක‍්‍රිස්තුදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායම අතර පැවැති තියුණු සටනකින් පසු කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා තරඟයේ සම ශූරයෝ බවට පත් වූහ.
මාතලේ ක‍්‍රිස්තුදේව විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මෙහෙයවූ මෙම තරඟාවලිය මාතලේ එඞ්වඞ් ක‍්‍රීඩාංගණයේදී සහ නන්දිමිත‍්‍ර ඒකනායක කෘත‍්‍රිම හොකී පිටියේදී දින දෙකක් තිස්සේ පැවැත්විණ. අවසාන මහා තරගය නන්දිමිත‍්‍ර ඒකනායක කෘතී‍්‍රම හොකී පිටියේදී පැවැත්විණි.
බාලක තරගාවලියේ අනුශූරතාව මාතලේ කි‍්‍රස්තු දේව ජාතික පාසලේ හොකී කණ්ඩායමට හිමිවූ අතර බාලිකා තරගයේ අනුශූරතාව කොළඹ - විශාකා බාලිකා විද්‍යාලයට හිමිවිය.
සමස්ත තරගාවලියේ දක්ෂතම ක‍්‍රිඩිකාව ලෙස කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ යෙලනි පෙරේරා සම්මාන දිනාගත් අතර තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස මාතලේ සහිරා විදුහලේ ආසික් මොහොමඞ් සම්මාන ලැබූවේය.
වයස අවුරුදු 40න් ඉහළ හොකී තරගයෙන් ශූරතාව දිනා ගැනීමට මාතලේ ක‍්‍රීඩා සමාජය සමත් විය.
පාසල් හොකී තරගාවලිය සඳහා බාලක කණ්ඩායම් 16ක්ද බාලිකා කණ්ඩායම් 12ක්ද ක‍්‍රීඩා සමාජ තරඟාවලිය සදහා ක‍්‍රීඩා සමාජ 16ක හොකී කණ්ඩායම් තරඟාවලියට සහභාගි වූහ.
එච්.ඞී.එස්. ෆොන්සේකා අනුස්මරණ කුසලාන සඳහා සමස්ත ලංකා පාසල් හොකී තරඟාවලිය පැවැත්විණි. ඒ සඳහා ශූරතා හා අනුශූරතා හිමිකර ගත් කණ්ඩායම්වල පාසල්වලට රුපියල් 50000/- ක් වටිනා ක‍්‍රීඩා භාණ්ඩ කට්ටලය බැගින් පිරිනැමිණ.
අන්තර් ක‍්‍රීඩා සමාජ තරඟයේ ශූරතාවට සම ශූරයන් වූ මාතලේ කි‍්‍රස්තුදේව විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ කණ්ඩායම සහ යුද හමුදාවේ හොකී කණ්ඩායම ඒ සඳහා දුන් රුපියල් ලක්‍ෂයක මුදල් පරිත්‍යාගය හිමිකර ගත්හ.
මෙම තරඟාවලියේ සමාරම්භක උත්සවය ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සමාප්ති උත්සවය මධ්‍යම පළාතේ ක‍්‍රීඩා ඇමැති ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ද පැවැත්විණ.
ක‍්‍රිස්තුදේව විදුහලේ විදුහල්පති එස්.කේ. මැදිවක ක‍්‍රිස්තුදේව විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති පොලිස් පරීක්‍ෂක එම්.බී. හේරත්, ලේකම් කේ.ඒ. සුනිල් සමීර, තරඟාවලියේ සභාපති පො.සැ පුෂ්පකාන්ත සහ තරඟාවලියේ සංවිධායක සුරේෂ් එදිරිවීර යන මහත්වරු මෙහි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.