Last Update  :  2024-05-15 15:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සර්බියාව ගෝල 5-1 කින් බොලීවියාව පරදවයි

සර්බියාව ගෝල 5-1 කින් බොලීවියාව පරදවයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඇලෙක්සැන්ඩර් මිට්‍රොවික් ලබාගත් ගෝල ත්‍රිත්වය හේතුවෙන් බොලීවියාවට එරෙහිව පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පුහුණු තරගයෙන් ගෝල 5-1 ක් ලෙස පහසු ජයක් ලැබීමට සර්බියාව ඊයේ (9 වැනිදා) සමත් විය. 

තරගයේ 4 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කරමින් ආරම්භයේදීම සිය කණ්ඩායමට වැඩි වාසි අත්කර දීමට මිට්‍රොවික් සමත් විය. 19 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගත් ඇඩම් ජැජික්, මිට්‍රොවික්ට මනා සහයක් ලබා දෙමින් සර්බියාවට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන දුන්නේය. 23 වැනි මිනිත්තුවේදී සිය දෙවැනි ගෝලයද වාර්තා කළ මිට්‍රොවික්, ඉන් නොනැවතී 68 වැනි මිනිත්තුවෙදී තවත් ගෝලයක් ලබා ගෝල ත්‍රිත්වයකට හිමිකම් කීවේය. 

මේ අතරවාරයේ බොලීවියාවට ලබාගත හැකි වූයේ එක් ගෝලයක් පමණි. 48 වැනි මිනිත්තුවේදී ජැස්මානි කැම්පෝස් එම ගෝලය වාර්තා කළේය. 

සර්බියාව මෙවර ‘ඊ ’ කාණ්ඩායෙන් තරගාවලියට එක්වෙයි. ජුනි 17 වැනිදා කොස්ටරිකාවට එරෙහිව පැවැත්වෙන තරගයෙන් තරගාවලියට එක්වන සර්බියාව ජුනි 22 වැනිදා ස්විට්සර්ලන්තය සමගින් තරග වැදීමට නියමිතය. සර්බියාවේ පළමු වටයේ අවසන් තරගය ප්‍රබල බ්‍රසීලය සමගින් ජුනි 27 වැනිදා පැවැත්වෙයි. 

බොල්වියාව ප්‍රථම වරට 1930 ලෝක කුසලාන නියෝජනය කළ අතර 1950 වර්ෂයේ නැවතත් ලෝක කුසලානය නියෝජනය කිරීමට අවස්තාව උදා කරගත්තේය. නමුත් 1994 වර්ෂයෙන් පසු ඔවුන්ට ලෝක කුසලානයකට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබී නැත.  

-024


අදහස් (0)

සර්බියාව ගෝල 5-1 කින් බොලීවියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.