Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංචිතයේ සිටි සඳුන් වීරක්කොඩිට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි වාර්තා වේ. වමත් පිතිකරුවකු වන සඳුන් පසුගියදා පුහුණු තරගයක් සඳහා දඹුල්ලට යවන ලද බවත් දැනගන්නට ඇත.
සඳුන් වීරක්කොඩි ඇතුළු ක්‍රීඩකයෝ 14 දෙනකුගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ සංචිතය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ජෛව බුබුළක් ලෙසින් සිටියේය. ඔව්හු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පුහුණුවීම් කරමින් සිටියහ.
මෙම සංචිතයේ සිටි සඳුන් වීරක්කොඩි සහ භානුක රාජපක්‍ෂ ඇතුළු තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකු ඊයේ (9 වැනිදා) දඹුල්ලට යවන ලද්දේ පුහුණු තරග කිහිපයකට සහභාගි වීම සඳහාය. දඹුල්ලේදී තවත් ක්‍රීඩකයෝ 26 දෙනෙක් සංචිත ගතව පුහුණුවීම් කරමින් සිටිති.
කෙසේ වෙතත් සඳුන් වීරක්කොඩිට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා කොළඹ ජ්‍යෙෂ්ඨයන්ගේ සංචිතයේ සියලුම ක්‍රීඩකයන්ට නිරෝධායනය වීමට සිදුව ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.
එංගලන්තයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමට පෙරම, ශිකාර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සීමිත ඕවර කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියේය. එම කණ්ඩායමට මුහුණ දීම සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 13 දෙනකුගේ සංචිතයක් කැඳවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම සංචිතයට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ නවාතැන් දී පුහුණුවීම් ආරම්භ කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.