Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දස්කම් විශ්ලේෂකයකු වූ සනත් ජයසුන්දර මහතා ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් වැරදිකරුවකු වී තිබේ. ඒ අනුව කිසිම ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගි විය නොහැකි වන පරිදි, සනත් ජයසුන්දර මහතාට, වසර 7 ක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය විසින් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ කරන ලද පරීක්‍ෂණවල වාර්තාව අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙම තීන්දුව ගනු ලැබ ඇත. මෙම තීන්දුවට, ජයසුන්දර මහතාට මූලික තහනමක් පනවන ලද 2019 මැයි මස 11 වැනිදා දක්වා පසුදාතමක් ද යොදා තිබේ.
ඔහුට එරෙහිව පැවැති චෝදනා සම්බන්ධයන් සම්පූර්ණ සාක්ෂි විභාගයක් පැවැති අතර ලිඛිත සහ වාචික ප්‍රකාශ ලබාගැනීම මෙන්ම හරස් ප්‍රශ්න ඇසීමෙන් ද පසුව විනිශ්චය සභාව විසින් ජයසුන්දර මහතා වැරදිකරු වශයෙන් නිගමනය කරන ලදි. ඔහුට එරෙහිව ප්‍රධාන පෙළේ චෝදනා දෙකකි.
1. අන්තර්ජාතික ක්‍රිකට් තරගයක ගලායාමට, ප්‍රතිඵලයට හෝ පැවැත්මට නැතහොත් වෙනත් කාරණාවකට බලපෑමක් ඇතිකළ හැකිවන පරිදි කටයුතු කරන ලෙස ඉල්ලමින්, එවකට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාට අල්ලස් හෝ වෙනත් ත්‍යාග ඉදිරිපත් කිරීම.
2. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන නීති පද්ධතියට පටහැණි ක්‍රියා සම්බන්ධයෙන් අන්තර්ජතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ පරීක්‍ෂණ වලට බාධා කිරීම සහඒවා ප්‍රමාද කිරීමට පියවර ගැනීම.
“ක්‍රීඩා ඇමතිවරයාට අල්ලස් දීමට ජයසුන්දර ගත් උත්සාහය බරපතළ වරදක්. ඒ සම්බන්ධයෙන් ඔහුට කිසියම් පසුතැවිල්ලක් නොමැතිවීමත්, තොරතුරු සොයගත හැකි මාර්ග වසාදැමීමට ගත් උත්සාහයත් අතිශයින්ම බලාපොරොත්තු සුන්කරවන්නක්” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පාරිශුද්ධ ඒකකයේ ප්‍රධානියා මෙන්ම සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණ.
“මේ ක්‍රීඩාවේදී වංචාකාරී ක්‍රියාවන් ඉවසන්නේ නෑ. එවැනි ක්‍රියාකාරකම් මැඬ පැවැත්වීමට මගේ කණ්ඩායම වෙහෙස නොබලා කටයුතු කරනවා..... ඒ වගේම මෙම තහනම, එවැනි දූෂිත ක්‍රියාකාරකම් වල නිරත වීමට හෝ වැරදි පාරේ යාමට අදහස් කරන අයට පාඩමක් විය යුතුයි” යයිද ඇලෙක්ස් මාෂල් මහතා පැවසීය.
ක්‍රිකට් දූෂණ චෝදනා සම්බන්ධයෙන් මේ වසරේ මාස 6 ක් ඇතුළත තහනමකට ලක්වූ තුන්වැනි ශ්‍රී ලාංකිකයා වන්නේ සනත් ජයසුන්දර මහතාය. ජනවාරි මාසයේදී දිල්හාර ලොකුහෙට්ටිගේත්, අප්‍රේල් මාසයේදී නුවන් සොයිසාත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තහනම් නියෝග වලට ලක්වූහ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.