Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සධීර සමරවික්‍රම (91) සහ ළහිරු තිරිමාන්නගේ (52) අර්ධ ශතක හමුවේ කොළඹ පිලට එරෙහිව එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 9 වැනි තරගය කඩුලු 6 කින් ජයගැනිමට යාපනය පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 248 ක ඉලක්කයක් හඹාගිය යාපනය පිල ඕවර 46.4 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකර ගියේය.
පන්දුවට පහර දෙමින් සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වූ සධීර සමරවික්‍රම නැවත පන්දුවට පහර දීමට පැමිණ යාපනය පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. පන්දු 95 කට මුහුණදුන් සධීර හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 91 ක් ලබාගත්තේය.
ළහිරු තිරිමාන්න පන්දු 63 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 52 ක් ද, දමිත සිල්වා සහ රවිඳු ප්‍රනාන්දු ලකුණු 27 බැගින්ද, සංතුෂ් ගුණතිලක නොදැවී ලකුණු 25 ක් ද ලබාගනිමින් යාපනය පිලේ ජයග්‍රහණයට දායක වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොළඹ පිලට ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 247 ක් පමණි.
ලකුණු 53 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී 5 වැනි කඩුල්ල සඳහා එක්වූ සම්මු අශාන් සහ අශේන් බණ්ඩාර පන්දු 141 කදී ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොළඹ පිල වැටී තිබූ ආඝාදයෙන් ගොඩගැනීමට සමත්වූහ.
එහිදී අශේන් බණ්ඩාර පන්දු 110 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 75 ක් සහ සම්මු අෂාන් පන්දු 61 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 43 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. වේගවත් පිතිහරඹයක නිරත වෙමින් කොළඹ පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ ළහිරු මදුශංක පන්දු 30 කදි හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 42 ක් ලබාගත්තේය.
නිමන්ස මධුශංක ලකුණු 39 කට කඩුලු 4 ක් ද, ඉශාන් ජයරත්න, ප්‍රමෝද් මදුෂාන් සහ සංතුෂ් ගුණතිලක එක් කඩුල්ල බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කොළඹ - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 247
(සම්මු අශාන් 43, අශේන් බණ්ඩාර 75, ළහිරු මදුශංක 42, නිමන්ද මදුශංක 39/4)
යාපනය - ඕවර 46.4 කදී කඩුලු 4 ක් දැවී 248
(සධීර සමරවික්‍රම 91, ළහිරු තිරිමාන්න 52, දමිත සිල්වා 27, රවිඳු ප්‍රනාන්දු 27, සංතුෂ් ගුණතිලක නොදැවී 25, තරිඳු රත්නායක 56/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.