Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සධීර - කමිල් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල බේරාගනිති

සධීර - කමිල් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල බේරාගනිති

editorial - 2021 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

සධීර සමරවික‍්‍රමගේ (නොදැවී 151) ශතකයත්, කමිල් මිෂාරගේ (98) අර්ධ ශතකයත් හේතුවෙන් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවන නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හැකිවිය.

මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වූ අද (7 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය අවසන් කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 6 ක් දැවී ලකුණු 317 ක් රැස්කර තිබිණ.

පළමු තරගයත් ජය පැරදුමෙන් තොරව නිමා වූ හෙයින් තරග 2 කින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලිය 0-0 ක් ලෙස සම තත්වයෙන් අවසන් විය.

පාකිස්තාන ‘ඒ’ පන්දු යවන්නන් හමුවේ පළමු ඉනිමේදී ඉතා අසරණ වුවද දෙවැනි ඉනිමේදී දක්ෂතා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ සමත්වූහ. තෙවැනි දිනය වූ ඊයේ (6 වැනිදා) තරගය නතර කරන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 102 ක් රැුස්කර ගෙන සිටි ශ‍්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ අද දිනයේදී තවත් කඩුලූ 4 ක් අහිමිකර ගනිමින් දෙවැනි ඉනිමට ලකුණු 215 ක් එක් කළහ.

ආරම්භක පිතිකරු කමිල් මිෂාර ඉතා අවාසනාවන්ත ලෙස පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරගාවලියේදී දෙවැනි වරටත් ලකුණු 98 කට දැවී ගියේය. ඊයේ දිනය අවසන් වනවිට අර්ධ ශතකය (53) ලබාගෙන සිටි කමිල් මිෂාර අද දිනයේදී ශතකය පෙනි පෙනී දැවී ගියේය. පන්දු 168 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි කමිල්ගේ ඉනිමට හතරේ පහර 15 ක් ඇතුළත් විය.

නිල නොවන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිලෙන් වාර්තා වූ එකම ශතකයට හිමිකම් කීමට නායක සධීර සමරවික‍්‍රම සමත්විය. පන්දු 223 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි සධීර හයේ පහරක් සහ හතරේ පහර 26 ක් සමගින් නොදැවී ලකුණු 151 ක් රැස්කිරීමට සමත්විය.

කුරාම් ශාසාඞ් කඩුලූ 2 ක් ද ආඝා සල්මාන්, කම්රන් ගුලාම් සහ සාෆි අබ්දුල්ලා කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය 10 වැනිදා ආරම්භ කරන අතර සියලූ තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.


පාකිස්තාන ‘ඒ’ පළමු ඉනිම - සියලූදෙනා දැවී 394
(අබ්දුල්ලා ශාෆික් 117, කම්රන් ගුලාම් 45, ආඝා සල්මාන් 103, කුරාම් ශාසාඞ් 20, නසීම් ෂා 31, චාමික ගුණසේකර 83/6, හිමේෂ් රාමනායක 56/1, මොහොමඞ් ශිරාස් 64/1, සුමින්ද ලක්ෂාන් 95/1)

ශ‍්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - සියලූදෙනා දැවී 67
(නිපුන් ධනංජය 17, සුමින්ද ලක්ෂාන් 29, නසීම් ෂා 28/4, කුරාම් ශාසාඞ් 10/3, අර්ෂඞ් ඉක්බාල් 14/2, සාෆී අබ්දුල්ලා 11/1)

ශ‍්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුලූ 6 ක් දැවී 317
(කමිල් මිෂාර 98, සදීර සමරවික‍්‍රම නොදැවී 151, සුමින්ද ලක්ෂාන් 25, කුරාම් ශාසාඞ් 67/2, ආඝා සල්මාන් 40/1, කම්රන් ගුලාම් 6/1, සාෆි අබ්දුල්ලා 88/1)

 


අදහස් (0)

සධීර - කමිල් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල බේරාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.