Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සද්රාන්ලා ශ්‍රී ලංකාවේ වාසිය 42 ට අඩුකරති
එස්.එස්.සී. ටෙස්ට් තරගය

සද්රාන්ලා ශ්‍රී ලංකාවේ වාසිය 42 ට අඩුකරති

editorial - 2024 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 439 ක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ඇෆ්ඝනිස්ථානුවන්ට වඩා ලකුණු 241 කින් ඉදිරියට පැමිණියේය. එහෙත් තරගයේ තුන්වැනි දිනය වන අද (04 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට, සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 1 ක් දැවී ලකුණු 199 ක් ලබාගත් ඇෆ්ඝනිස්තානුවෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසිය ලකුණු 42 ක් දක්වා අඩුකර දැමූහ. 

දෙවැනි ඉනිමේදී සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් ඊබ්‍රහිම් සද්රාන් (නොදැවී 101), නූර් අලී සද්රාන් (47) සහ රහමත් ෂා (නොදැවී 46) ශ්‍රී ලංකා කණ්ඩායමේ අසහනය තවදුරටත් වැඩි කරමින් සිටිති. 

මුල් ඉනිමේදී මුහුණ දුන් දෙවැනි පන්දුවෙන්ම දැවී ගියද, දෙවැනි ඉනිමේදී පන්දු 216 කින් සිය ශතකය සම්පූර්ණ කළ ඇෆ්ඝනිස්ථානු ආරම්භක පිතිකරුවා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ උපක්‍රම වලට හසු නොවී, පැය පහමාරකට ආසන්න කාලයක් තම පිතිහරඹය දිගටම කරගෙන ගියේ පන්දු 11 ක් හතරේ සීමාවට යවමිනි. 

කඩුලු 6 කට ලකුණු 410 ක් ලබා දෙවැනි දිනය නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 4 අද පෙරවරුවේදී ඇද වැටිණ. ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන්වූයේ ගලී හි සිටි රහමත් ෂා කළ විශිෂ්ට උඩපන්දු රැකීමකින් සධීර සමරවික්‍රම දැවී යාමෙනි. 

ඒ සමගම වාගේ නවීඞ් සද්රාන්ගේ පන්දුවක් හිස් ආවරණයේ වැදීම නිසා චාමික ගුණසේකර තරමක් කම්පනයට පත්වූවද ඔහු දිගටම පිටියේ රැඳී සිටියේය. එහෙත් ඕවර 3 කට පසුව, කිසියම් අපහසුතාවකට මුහුණ දුන් හෙයින් චාමික ගුණසේකර පිටියෙන් ඉවත්ව ගියේය. අවසන් පිතිකරුවා වූ අසිත මුහුණ දුන්නේ එකම පන්දුවකට පමණි.
 
ගුණසේකරගේ ‘කම්පන ආදේශකයා’ ලෙසින් ඇෆ්ඝනිස්ථානු දෙවැනි ඉනිමේදී කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට එක්විය. චාමික ගුණසේකර අද පස්වරුවේදීම රෝහල්ගත කරන ලද අතර ඔහු වෛද්‍ය නිරීක්‍ෂණ යටතේ පැය 24 ක කාලයක් ගතකරනු ඇත. 

 


අදහස් (1)

සද්රාන්ලා ශ්‍රී ලංකාවේ වාසිය 42 ට අඩුකරති
  • Anura Nanayakkara Monday, 05 February 2024 07:48 AM

    ධනංජය බිංදුවක් ගහලා කෙළින්ම මාරු වෙලා...! මොවුන් නායකකම් කරන්නේ ඔහොමද?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.