Last Update  :  2026-04-07 21:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිම්බාබ්වේ ලකුණු 262 ක් ඉදිරියෙන්

සිම්බාබ්වේ ලකුණු 262 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිකන්දර් රාසා (නොදැවී 97), පීටර් මුවර් (40) සහ මැල්කම් වොලර් (නොදැවී 57) තිදෙනාගේ ධෛර්වයත් පිතිහරඹය නිසා දිවා ආහාරයට පෙර වැටී සිටි භයංකාර අඩවියෙන් මෑත්වූ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (16 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 252 ක් ලබා සිටියහ.

සිම්බාබ්වේ - පළමු ඉනිම 
හැමිල්ටන් මසකඩ්සා  - ඇ.මෙන්ඩිස් ප.හේරත් 19
රෙගිස් චකබ්වා - ප.හේරත් 12
තරිසායි මුසකන්ඩා - ඇ.දික්වැල්ල ප.ළහිරු කුමාර 6
ක්‍රෙග් අර්වින්  - ඇ.ඩිල්රුවන් ප.ළහිරු කුමාර 160
ෂෝන් විලියම්ස්  - ඇ.ගුණරත්න ප.ඩිල්රුවන් 22
සිකන්දර් රාසා  - ක.මු.කළා ප.හේරත් 36
පීටර් මුවර් - ඇ.කුමාර ප.ගුණරත්න 19
මැල්කම් වොලර් - ප.හේරත් 36
ග්‍රේම් ක්‍රීමර්  - ප.ගුණරත්න  13
ඩොනල්ඩ් ටිරිපානෝ - ඇ.කරුණාරත්න ප.හේරත් 27
ක්‍රිස් මොෆූ - නොදැවී  0
අතිරේක (ව-1 , නිප-5) 6
එකතුව ඕවර 90 කදී කඩුලු  8 ක් දැවී     356
කඩුලු වැටීම 
1-23(චකබ්වා), 2-38(මසකඩ්සා), 3-38(මුසකන්ඩා), 4-70(විලියම්ස්). 5-154(රාසා), 6-195(මුවර්). 7-260(වොලර්), 8-282(ක්‍රීමර්), 9-356(ටිරිපානෝ), 10-356(අර්වින්)
පන්දු යැවීම
සුරංග ලක්මාල්  14-1-58-0  
ළහිරු කුමාර 17.4-2-68-2  
රංගන හේරත් 32-4-116-5  
ඩිල්රුවන් පෙරේරා 24-0-86-1  
අසේල ගුණරත්න 7-0-28-2  
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න  - ඇ.මසකඩ්සා ප.ටිරිපානෝ 25
උපුල් තරංග - දුවද්දී දැවී ගියා 71
කුසල් මෙන්ඩිස්  - ඇ.චකබ්වා ප.ක්‍රීමර් 11
දිනේෂ් චන්දිමාල් - ඇ.චකබ්වා ප.ක්‍රීමර් 55
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.මසකඩ්සා ප.විලියම්ස් 41
නිරෝෂන් දික්වැල්ල  - ප.ක්‍රීමර්  6
ඩිල්රුවන් පෙරේරා - දුවද්දී දැවී ගියා  33
අසේල ගුණරත්න - ප.ක්‍රීමර් 45
රංගන හේරත් - ස්ට.චකබ්වා ප.විලියම්ස් 22
සුරංග ලක්මාල් - ඇ.සහ ප.ක්‍රීමර් 14
ළහිරු කුමාර - නොදැවී 1
අතිරේක (නි.ල - 8, පා.ල. - 10, නිප-3, ව.ප.-1) 22
එකතුව ඕවර 102.3 කදී සියලු දෙනා දැවී  346
කඩුලු වැටීම 
1-84(කරුණාරත්න), 2-107(මෙන්ඩිස්), 3-116(තරංග). 4-212(චන්දිමාල්), 5-226(දික්වැල්ල), 6-238(මැතිව්ස්), 7-274(ඩිල්රුවන්), 8-322(හේරත්), 9-343(ලක්මාල්), 10-346(අසේල)
පන්දු යැවීම
ක්‍රිස් මොෆු 11-1-41-0  
ඩොනල්ඩ් ටිරිපානෝ 10-1-38-1  
සිකන්දර් රාසා 18-2-60-0  
ග්‍රේම් ක්‍රීමර් 39.3-4-125-5  
මැල්කම් වොලර් 1-0-02-0  
ෂෝන් විලියම්ස් 23-3-62-2  
සිම්බාබ්වේ - දෙවැනි ඉනිම 
හැමිල්ටන් මසකඩ්සා  - ක.මු.කළා ප.හේරත් 7
රෙගිස් චකබ්වා - ප.හේරත් 6
තරිසායි මුසකන්ඩා - ඇ.කරුණාරත්න ප.හේරත් 0
ක්‍රෙග් අර්වින්  - ඇ.කරුණාරත්න ප.ඩිල්රුවන් 5
ෂෝන් විලියම්ස් - ප.හේරත් 22
සිකන්දර් රාසා - නොදැවී  97
පීටර් මුවර් - ඇ.අතිරේක (ගුණතිලක) ප.කුමාර 40
මැල්කම් වොලර් - නොදැවී  57
අතිරේක (නි.ල.-04, පා.ල. - 7, ව.ප.-6, නි-1) 18
එකතුව ඕවර 68 කදී කඩුලු 6 ක් දැවී  252
කඩුලු වැටීම 
1-14(චකබ්වා), 2-16(මුසකන්ඩා), 3-17(මසකඩ්සා), 4-23(අර්වින්). 5-59(විලියම්ස්), 6-145(මුවර්), 
පන්දු යැවීම
සුරාංග ලක්මාල්  9-2-28-0  
රංගන හේරත් 23-2-85-4  
ඩිල්රුවන් පෙරේරා 21-1-69-1  
ළහිරු කුමාර 11-3-43-1  
කුසල් මෙන්ඩිස් 4-0-16-0  

මුල් ඉනිමේදී මිට මොළවාගත් ලකුණු 10 ක වාසියත් සමගින් ශ්‍රී ලංකාවට එරෙහිව සිය මංගල ටෙස්ට් ජය සොයා යමින් සිටින සිම්බාබ්වේ කණ්ඩායම තරගයේ දින දෙකක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 262 ක් ඉදිරියෙන් සිටී.

දෙවැනි ඉනිම ආරම්භයේදීම ලකුණු 23 කට කඩුලු 4 ක් බිම දමමින් රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා සිම්බාබ්වේ පිල සසළ කළ නමුත් දිවා ආහාරයෙන් පසුව පිටියට පිවිසි මැද පෙළ පිතිකරුවෝ කණ්ඩායම වැටී සිටි අසීරු තත්ත්වයෙන් ගොඩගත්හ. ෂෝන් විලියම්ස්, පීටර් මුවර් සහ මැල්කම් වොලර් සමග එක්වූ සිකන්දර් රාසා 5, 6 සහ 7 වැනි කඩුලු වෙනුවෙන් ලකුණු 229 ක වටිනාකමක් ඇති සම්බන්ධතා තුනක් ගොඩනැංවීය.

තමාගේ හත්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින රාසා සිය හොඳම ටෙස්ට් ඉනිම වෙනුවෙන් විනාඩි 269 ක් වැයකළ අතර පන්දු 158 කට මුහුණ දෙමින් ඒවායින් 9 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය.

දිවා ආහාරයත් තේ පානයත් අතරතුර කඩුල්ලක් පමණක් අහිමි කරගනිමින් ලකුණු 123 ක් රැස්කරගත් සිම්බාබ්වේ පිතිකරුවෝ රංගන හේරත් විසින් ඇද දමන ලද අගාධයෙන් ගොඩට පැමිණියහ. එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් සිය ඉනිම ගොඩනැංවූ සිම්බාබ්වේ පිතිකරුවෝ කඩුලු 4 ක් අතැතිවම ලකුණු 250 සීමාව පැනගත්හ.

තරගයේ දෙවැනි දිනය නිමාවේදී සිම්බාබ්වේ පුහුණුකරු හීත් ස්ටී්‍රක් මහතා කියා සිටියේ ලකුණු 200 ක් හෝ 250 ක පමණ වාසියක් ලබාගත හැකිවුවහොත් සිවුවැනි ඉනිමේදී පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනයට පත්කිරීමට එය හොඳටම ප්‍රමාණවත් බවයි.

“මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී අපි ඉතිහාසය වෙනස් කරනවා” යයිද හීත් ස්ටී්‍රක් සෙනසුරාදා සවස පැවසීය.
හේරත් සහ ඩිල්රුවන් හොඳ ආරම්භයක් ලබාගත් නමුත් ඔවන් දෙදෙනාටම සහායක පන්දු යවන්නන් නොසිටීම හේතුවෙන් සිම්බාබ්වේ පිතිකරුවෝ හිස් එසවූහ. ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න පාදයේ කලව පිටුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටින හෙයින් පන්දු රැකීම සඳහා පිටියට නොපිවිසියේය. මෙම තත්ත්වය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් සංඛ්‍යාව 4 ක් දක්වා අඩුවී තිබුණු අතර ඕවර කිහිපයක් යැවීමට කුසල් මෙන්ඩිස් යොදාගත් නමුත් එයින්ද බලාපොරොත්තු ඉටුකරගැනීමට නොහැකි විය.

වේග පන්දු යවන්නන් දෙදෙනා වන සුරංග ලක්මාල් සහ ළහිරු කුමාර දෙදෙනාම අද දිනයේ යැවූ ඕවර 20 න් ලකුණු 71 ක් දුන් නමුත් දවාගත්තේ එකම කඩුල්ලක් පමණි. මෙම තරගය පුරා මෙම පන්දු යවන්නන් දෙදෙනාගේ සම්පූර්ණ දායකත්වය ඕවර 51 කදී ලකුණු 197 කට කඩුලු 3 කි. එම කඩුලු තුනම ළහිරු කුමාර විසින් දවාගන්නා ලදි.

සෙනසුරාදා සන්ධ්‍යවේ කඩුලු 7 කට ලකුණු 293 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේදී සිම්බාබ්වේ පිලට ලකුණු 10ක මුල් ඉනිමේ වාසියක් හිමිකර දෙමින් ලකුණු 346 කට දැවී ගියේය. වසර 35 ක කාලයක් තිස්සේ ටෙස්ට් තරග 258 ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 101 ක් ක්‍රීඩා කර ඇති ටෙස්ට් කණ්ඩායමක් වන සිම්බාබ්වේ පිල හමුවේ අසරණ වී සිටියේය.

 

 

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා ...

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)


අදහස් (0)

සිම්බාබ්වේ ලකුණු 262 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.