Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පා දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් අද (4 වැනිදා) හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට 52 වැනි වියේ පසුවිය.
ටෙස්ට් ක්‍රිකට් පිටියේ දෙවැනි වැඩිම කඩුලු ලාභියා වන වෝන්, වසර 15 ක සිය ක්‍රීඩා දිවිය තුළ ටෙස්ට් තරග 145 කට ක්‍රීඩා කරමින් බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 708 කි.
1993 වසරේ සිට 2005 දක්වා කාලය තුළ එක්දින ජාත්‍යන්තර තරග 194 කදී කඩුලු 293 ක් දවාගෙන ඇති වොන්, 1999 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව ඕස්ට්‍රේලියාවට දිනා දීම සඳහා අනගි දායකත්වයක් සැපයීය.
ඕස්ට්‍රේලියාවේදී පැවැති 2007 අළු බඳුන තරගාවලිය 5-0 ක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වීමෙන් අනතුරුව වෝන් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත්තේය. වසර 5 ක් එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු 2007 වසරේදීම පළමු පෙළ තරග බිමටද සමු දුන්නේය.
කෙසේ වුවත් 2013 වසර දක්වා ලොව පුරා පැවැති විස්සයි-20 ලීග් තරගාවලිවලට සහභාගි වූ ඔහු, ඉන්දීය ප්‍රීමියර් ලීග්, බිග් බෑෂ් වැනි තරගාවලින්හිදී කණ්ඩායම් කිහිපයකම නායකත්වයද දැරුවේය. පසු කලෙක පුහුණුකරුවකු මෙන්ම විස්තර විචාරකයකු ලෙසද ඔහු කටයුතු කළේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.