ජාතික ටෙනිස් ශූරතාවලියේ කනිෂ්ඨ අංශයේ වයස 18 පහළ පිරිමි ශුරතාව දිනාගැනීමටට ෂමාල් දිසානායක අද (13 වැනිදා) සමත්විය. අවසන් මහ තරගයේදී තරග වට 2 - 0 ක් ලෙසික් නිශාංගන් නඩරාජා පරාජය කිරීමට ෂාමල් සමත් විය.
සඳුදා (12 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2 - 0 ක් ලෙස අරිත වීරසිංහ පරාජය කරමින් ෂමාල් දිසානායක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර නිශාංගන් නඩරාජා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2 - 1 ලෙස ධනුෂ්ක අබේවර්ධන පරාජයට පත්කරමිනි.
මෙවර කණිෂ්ඨ අංශයේ ශූරයා බවට පත්වූ ෂමාල් දිසානායක පසුගිය වසරේද කණිෂ්ඨ අංශයේ ශූරතාවකට හිමිකම්කී කී‍්‍රඩකයෙකි.
වයස 18 පහළ පිරිමි අවසන් තරගයේ ප‍්‍රතිඵල
වයස 18 පහළ පිරිමි අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල
ඡායාරූපය : රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.