Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරයා විනුක : ශූරිය බිමන්දි
ජාතික කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලිය

ශූරයා විනුක : ශූරිය බිමන්දි

editorial - 2023 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සංවිධානයෙන් බණ්ඩාරගම ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති ජාතික කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලියේ වයස 19 න් පහළ බාලක ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහලේ විනුක ගුණවර්ධනත්, බාලිකා ශූරතාව දිනාගැනීමට මහනුවර හිල්වුඞ් විදුහලේ බිමන්දි බණ්ඩාරත් සමත් වූහ. 

වයස 19 න් පහළ අවසන් මහ තරගයේදී 3-2 ක් ලෙස කොළඹ ආනන්ද විදුහලේ රෙහාන් සේනානායක පරාජය කරමින් විනුක මෙම වසරේ කණිෂ්ට ජාතික ශූරයා බවට පත්විය. බිමන්දි වසරේ කණිෂ්ට ජාතික ශූරිය බවට පත්වූයේ වයස 19 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ දිව්‍යා ධරණි පරාජය කරමිනි. 

වයස 17 න් පහළ බාලක ශූරතාව සහ වයස 19 න් පහළ මිශ්‍ර යුගල ශූරතාව දිනාගත් මහනුවර ත්‍රිත්ව විදුහලේ ශතිවුල්ලා අක්‍රම් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, වයස 15 න් පහළ බාලිකා, 17 න් පහළ බාලිකා සහ වයස 19 න් පහළ බාලිකා යුගල ශූරතා දිනාගත් අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ තමාදි කාවින්ද්‍යා දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ. 

දිවයින පුරා පාසල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 ක් පමණ සහභාගි වූ මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපති රහල් අබේරත්න මහතා, එහි කුමුදි ද සිල්වා මහත්මිය, උප සභාපතිවරුන් වන සමීර විජයගුණරත්න සහ පැතුම් වීරක්කොඩි මහත්වරුද ආරාධිතයන් ලෙස එක්වූහ.  


කේවල තරග ප්‍රතිඵල (බාලක) 
වයස 11 න් පහළ 
කෙනුර සිල්වා (කොළඹ නාලන්දා විදුහල) විසින් වට 3-1 ක් ලෙස ඔනෙල් ශෂ්මික (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදී. (11/08, 11/09, 08/11, 11/08) 

වයස 13 න් පහළ 
නවිරු නෙත්සිත් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් වට 3-2 ක් ලෙස අගස්තියා ආනන්දිත (කිලර්ස්පින් මේසපන්දු විද්‍යායතනය) පරාජය කරන ලදී. (10/12, 11/09, 11/07, 06/11, 11/08) 

වයස 15 න් පහළ  
ජනිත් බටුගෙදර (කොළඹ රජකීය විදුහල) විසින් වට 3-1 ක් ලෙස අකේන් බොතේජු (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/06, 08/11, 15/13) 

වයස 17 න් පහළ 
ශතිවුල්ලා අක්‍රම් (මහනුවර ත්‍රිත්ව විදුහල) විසින් වට 3-0 ක් ලෙස දිරාන් හාමර් (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (12/10, 11/09, 14/12) 

වයස 19 න් පහළ 
විනුක ගුණවර්ධන (කොළඹ රාජකීය විදුහල) විසින් වට 3-2 ක් ලෙස රොහාන් සේනානායක (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/09, 05/11, 07/11, 11/13) 


කේවල තරග ප්‍රතිඵල (බාලිකා) 
වයස 11 න් පහළ 
චනුකි අක්ෂානා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් වට 3-0 ක් ලෙස රනුමි පටබැඳි (මහනුවර උසස් බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/05, 11/08) 

වයස 13 න් පහළ 
යෝෂිණි ජයවර්ධන (මහනුවර මහාමායා විදුහල) විසින් වට 3-0 ක් ලෙස චනුකි අක්ෂානා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/06, 13/11, 11/08) 

වයස 15 න් පහළ 
තමාදි කාවින්ද්‍යා (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) විසින් වට 3-0 ක් ලෙස සදින්ති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/09, 13/11, 11/08)

වයස 17 න් පහළ 
තමාදි කාවින්ද්‍යා (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) විසින් වට 3-2 ක් ලෙස සදින්ති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (09/11, 06/11, 11/05, 11/07, 11/05)

වයස 19 න් පහළ 
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් වට 3-2 ක් ලෙස දිව්‍යා ධරණි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/07, 06/11, 08/11, 11/08) 


යුගල තරග ප්‍රතිඵල 
වයස 19 න් පහළ (බාලිකා)
තමාදි කාවින්ද්‍යා සහ සිනෙත්මි තෙසන්‍යා (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) විසින් වට 3-1 ක් ලෙස බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) සහ මන්දනී මොහොට්ටිආරච්චි (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදහ. (12/10, 09/11, 11/07, 11/04) 


වයස 19 න් පහළ (මිශ්‍ර)
ශතිවුල්ලා අක්‍රම් (මහනුවර ත්‍රිත්ව විදුහල) සහ බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් වට 3-0 ක් ලෙස හරීන් නිම්දිනු සහ දිව්‍යා චන්ද්‍රගුප්ත (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදහ. (13/11, 11/08, 11/06) 


අදහස් (0)

ශූරයා විනුක : ශූරිය බිමන්දි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.