Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
බංග්ලාදේශ පී‍්‍රමියර් ලීග් (බී.පී.එල්.) තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ගිවිසුම්ගත කී‍්‍රඩකයන්ට විරෝධතා නොදැක්වීමේ ලිපි නිකුත් නොකිරීමට කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව එම තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් 9 දෙනාගෙන් 7 දෙනකුටම එම අවස්ථාව අහිමිවනු ඇත.
මෙවර බී.පී.එල්. තරගාවලිය මෙම මස 21 වැනිදා සිට පෙබරවාරි මස 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. එහි කී‍්‍රඩක වෙන්දේසිය ඉකුත් දෙසැම්බර් මස 27 වැනිදා පැවැත්විණ.
කී‍්‍රඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් 9 දෙනෙක් මිලදී ගැනීමට කණ්ඩායම් 5 හිමිකරුවෝ පියවර ගත්හ. ඉන් ඇතැම් කී‍්‍රඩකයන් වෙන්දේසියේදී මිලදී ගැනුණ අතර ඇතැමුන් වෙන්දේසියට බාහිරව ඍජූවම ගිවිසුම්ගත කරගැනීමට හිමිකරුවෝ කටයුතු කළහ.
ඒ අනුව තිසර පෙරේරා, භානුක රාජපක්ෂ සහ සීක්කුගේ ප‍්‍රසන්න කුල්නා ටයිගර්ස් කණ්ඩායමටත්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ෆෝචූන් බරිසාල් කණ්ඩායමටත්, දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ පෙරේරා ශිලාත් සන්රයිසස් කණ්ඩායමටත්, ඉසුරු උදාන ඩකා ස්ටාර්ස් කණ්ඩායමටත්, කුසල් මෙන්ඩිස් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමටත් තෝරා ගැණින.
කෙසේ වුවත් තරගාවලිය ආරම්භ වීමට සති දෙකක් පමණ ඉතිරිව ඇති අවස්ථාවක එම කී‍්‍රඩකයන් වෙනුවෙන් විරෝධතා නොදැක්වීමේ ලිපි නිකුත් නොකිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගැනීමත් සමග කී‍්‍රඩකයන් 9 දෙනාගෙන් 7 දෙනෙකු වෙනුවෙන්ම ආදේශක කී‍්‍රඩකයන් සෙවීමට කණ්ඩායම් හිමිකරුවන්ට සිදුව ඇත.
ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නවතම නීති රීතිවලට අනුව විදෙස් රටවල පැවැත්වෙන ලීග් තරගාවලි සඳහා කී‍්‍රඩා කිරීමට බලාපොරොත්තු වන කී‍්‍රඩකයන්ට, ඒ සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් විරෝධතාවක් නොමැති බවට සහතිකයක් ලැබෙන්නේ ඔවුන් සිය සමුගැනීමේ නිල නිවේදනය කිරීමෙන් මාස 6 කට පසුවය.
මේ වන විටත් තමන් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා බව දැනුම්දී ඇති කී‍්‍රඩකයන් සඳහාද මෙම තත්ත්වය බලපැවැත්වේ.
ඉකුත් වසරේ (2021) මැයි මස 3 වැනිදා ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත් තිසර පෙරේරාට සහ ජූලි මස 31 වැනිදා ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත් ඉසුරු උදානට මෙවර බී.පී.එල්. තරගාවලියට සහභගිවීම සඳහා ගැටලූවක් පැන නොනගිනු ඇත. එහෙත් ඉකුත් සතියේදී තමන් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා බව කි‍්‍රකට් ආයතනයට දැනුම් දුන් භානුක රාජපක්ෂට සහ ඇන්ජලෝ පෙරේරාට මෙම නීතිය තදින්ම බලපානු ඇත. ඒ අනුව ජාත්‍යන්තර තරග බිමෙන් සමුගෙන සිටියද, ඔවුන්ට විදෙස් රටක පැවැත්වෙන ලීග් තරගාවලියකට කී‍්‍රඩා කිරීම සඳහා තවත් මාස 6 ක කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.
තරග තහනමකට ලක්ව සිටි ඉන් මිඳුණු කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල මෙන්ම ලංකා පී‍්‍රමියර් ලීග් තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ දිනේෂ් චන්දිමාල් සහ සීක්කුගේ ප‍්‍රසන්නද සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා තෝරා ගැණුන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව නොමැත.
කෙසේ වුවත් ඔවුන් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුම්ගතව ඇති බැවින් ඔවුන්ටද බී.පී.එල්. තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමිවනු ඇත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලි සඳහා යොදා ඇති සැලසුම් හේතුවෙන් සිය ගිවිසුම්ගත කී‍්‍රඩකයන් නිදහස් කිරීම ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රතික්ෂේප කර ඇතැයි බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරී නිසමුද්දීන් චෞද්‍රි මහතා පවසයි.
මෙම තත්ත්වය මත ධනුෂ්ක ගුණතිලකගේ ආදේශක කී‍්‍රඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් කී‍්‍රඩක ඞ්වේන් බ‍්‍රාවෝ තෝරාගත් බව ෆෝචූන් බරිෂාල් කණ්ඩායමේ කලමණාකාරීත්වය ඉරිදා (9 වැනිදා) නිවේදනය කළේය. සෙසු කණ්ඩායම්ද මේ වන විට තමන් මිලදීගත් ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් වෙනුවට අදේශක කී‍්‍රඩකයන් සොයමින් සිටින බව වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.