Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී නේපාලයට එරෙහිව අද (26 වැනිදා) පැවැති තරගයේදී, ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 60 ක පහසු ජයක් අත්කර ගත්තේය.
ලකුණු 323 ක ඉලක්කයක් කරා ගිය නේපාල යොවුන් පිල ඕවර 47.5 කදී ලකුණු 262 කට දැවී ගියේය.
නේපාලය ජයග‍්‍රහණය කරවීමට වෙහෙස වෙමින් මුලූ ලකුණු සංඛ්‍යාව 200 න් ඔබ්බට ගෙන ගිය අර්ජුන් සූද්, ලකුණු 64 ක් ලබාගත්තේය. සූද්ගෙන් පසුව සටන අතට ගත් බිබේක් යාදව් ලකුණු 46 ක් ලබාගත් නමුත් ශී‍්‍ර ලංකා යෞවනයන්ගේ ඉලක්කය බොහෝ ඈතින් තිබිණ.
ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම නියමිත ඕවර 50 නිමාවේදී කඩුලූ 4 ක් දැවී ලකුණු 322 ක් ලබාගත්තේය. චමිඳු වික‍්‍රමසිංහ (111) සහ සදීශ රාජපක්‍ෂ (131) දෙදෙනාම ශතක ලබාගත් හෙයින් ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායමට එවන් සාර්ථක ලකුණු සංඛ්‍යාවක් කරා යාමට හැකිවිය.
මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 300 කඩයිම පැනගිය දෙවැනි අවස්ථාව මෙයයි. පසුගිය 23 වැනිදා ක්වේට් පිලට එරෙහිව පැවැති පළමු තරගයේදීත් ශී‍්‍ර ලංකා යෞවනයෝ කඩුලූ 5 කට ලකුණු 323 ක් ලබාගත්හ.
අද තරගයේදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 223 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැංවූ චමිඳු වික‍්‍රමසිංහ සහ සදීශ රාජපක්‍ෂ ඒ වෙනුවෙන් මුහුණ දුන්නේ පන්දු 185 කට පමණි. දෙවැනි කඩුල්ල බිඳ වැටීමට පෙර ලකුණු පුවරුව කියැවුණේ කඩුල්ලක් දැවී ලකුණු 262 ක් ලෙසිනි.
ආරම්භක පිතිකරුවා වූ වික‍්‍රමසිංහ ශතකය ලබාගැනීමෙන් පසුව දැවී ගිය නමුත් සදීශ පිටියේ අට කොණටම පන්දුව යවමින් පන්දු 119 කදී ලකුණු 131 ක් ලබා දැවී යන විට හතරේ පහර 11 ක් සහ හයේ පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.
දෙදෙනාගෙන් වඩා වේගවත් ලකුණු රැුස්කිරීමක නිරත වූ සදීශ පිටියට පිවිසියේ වික‍්‍රමසිංහ පිටියට පැමිණියාට වඩා ඕවර 10 ක් පසුවය. එහෙත් දෙදෙනාගෙන් පළමුවෙන් ශතකය සම්පූර්ණ කළේද සදීශය. පිටියට පිවිසි මොහොතේ සිටම ලකුණු පසුපස හඹා යන්නට වූ සදීශ, පන්දු 93 කින් සිය ශතකය සම්පූර්ණ කළේ හතරේ පහර 8 ක් සහ හයේ පහර දෙකක් ඊට ඇතුළත් කරමිනි.
වික‍්‍රමසිංහ දැවී ගියද, ඒ වන විට පැවැති වාසිදායක තත්ත්වයෙන් නිසි ප‍්‍රයෝජන ගත් නායක දුනිත් වෙල්ලාලගේ, හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සහිතව, පන්දු 24 කින් ලකුණු 34 ක් ලබාගත්තේ තම කණ්ඩායම ලකුණු 300 කඩයිමෙන් එපිටට කැඳවාගෙන යමිනි.
කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා යොවුන් කී‍්‍රඩකයෝ පළමුවෙන්ම ලකුණු රැුස්කිරීමේ වාරය තෝරා ගත්හ. ආරම්භයේදී තරමක් විමසිල්ලෙන් ලකුණු ලබාගත් වික‍්‍රමසිංහ සහ ෂෙවොන් ඩැනියෙල්, පළමු ඕවර 10 දී ලබාගත්තේ ලකුණු 39 ක් පමණි.
පන්දු යැවූ කනාල්ටම උඩපන්දුවක් දෙමින් ෂෙවොන් ඩැනියෙල් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි සදීශ රාජපක්‍ෂ, තරගයේ තාලය එහෙම පිටින්ම වෙනස් කළේය.
චමිඳු වික‍්‍රමසිංහ සිය දීර්ඝ ඉනිම පුරා මුහුණ දුන් පන්දු 126 කින් 8 ක් හතරේ පහර ලෙසත්, තවත් දෙකක් හයේ පහර ලෙසත් ලකුණු සටහන් පොතට ඇතුළත් කරගත්තේය.
සදීශ රාජපක්ෂට කුසලාන පිරිනැමූ අවස්ථාව...
(ඡායාරූප - ආසියානු ක්‍රිකට් සම්මේලනය අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.