Last Update  :  2026-04-07 21:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකා යොවුන් පිලට කඩුලූ 8 ක විශිෂ්ට ජයක්

ශී‍්‍ර ලංකා යොවුන් පිලට කඩුලූ 8 ක විශිෂ්ට ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී පිට පිටම තුන්වැනි ජයත් ලබාගත් ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම අද (18 වැනිදා) පැවැති තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම කඩුලූ 8 කින් පරාජය කළේය.

ලකුණු 205 ක ඉලක්කයක් කරා ගිය ශී‍්‍ර ලංකා යොවුන් පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු හෂාන් දුමිඳු ලබාගත් අගනා ශතකය නිසා  ඕවර 6.5 ක් ඉතිරිව තිබියදී ජයටැඹ පසුකිරීමට ශී‍්‍ර ලංකා යොවුන් පිලට හැකිවිය.

නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයෙන් කි‍්‍රකට් මුල් පොත හදෑරූ හෂාන් දුමිඳු පසුව ගුරුකුළ විද්‍යාලය නියෝජනය කරමින් ජාතික යොවුන් පිලට එක්වූ කී‍්‍රඩකයෙකි.

එක්සත් අරාබි එමීර් රජ්‍ය පිලට එරෙහවි පන්දු 118 කට මුහුණ දුන් හෂාන් හතරේ පහර 11 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාරවත් කළේය.

සහායක ආරම්භක පිතිකරුවා වූ සධීර සමරවික‍්‍රම ලකුණු 7 කට දැවී ගියද නායක කුෂල් මෙන්ඩිස් සමග එක්වූ හෂාන් දුමිඳු දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. නායකයා දුවද්දී දැවී ගිය පසුව හෂේන් රාමනායක සහ හෂාන් දුමිඳු අතර පැවැති තුන්වැනි කඩුල්ලේ අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 88 කි

එක්සත් අරාබි එමීර් පිල ලකුණු 205 කට සීමා කිරීමේදී වේග පන්දු යවන්නන් වන බිනුර ප‍්‍රනාන්දු (38/2), අනුක් ප‍්‍රනාන්දු (43/2) සහ වමතින් දග පන්දු යවන කී‍්‍රඩක හර්ෂ රාජපක්‍ෂ (40/2) අගනා දස්කම් පෙන්වූහ.

ලකුණු පුවරුව

එක්සත් අරාබි එමීර් රාජ්‍ය
ශිව් මෙහෙරා - ක. මු. කළා ප. ලක්ෂාන්     22
ඩෑන් ඩි’ සූසා - ඇ. පි‍්‍රයමාල් ප. රාජපක්ෂ    23
ශෝර්ය චෝප්රා - ඇ. බිනුර ප. අනුක් ප‍්‍රනාන්දු    69
රොහිත් සිං - ක. මු. කළා ප. රාජපක්ෂ     0
චිරග් සූරි - දුවද්දී දැවී ගියා (දුමිදු)    24
ශිවන්ක් විජයකුමාර් - ඇ. පි‍්‍රයමාල් ප. අනුක් ප‍්‍රනාන්දු    24
මෙහොමඞ් හමීඞ් - ඇ. අනුක් ප. ටිරෝන්     2
මොආස් කුසී - ඇ. රාමනායක ප. බිනුර ප‍්‍රනාන්දු     20
ඔමේර් මොහොමඞ් - ප. රාමනායක    2
පංකජ් ප‍්‍රකාෂ් - ඇ. අනුක් ප. බිනුර ප‍්‍රනාන්දු    9
ජස්ටින් ජේම්ස් - නොදැවී     0
අතිරේක -     10
එකතුව -  ඕවර 47.5 කදී සියලූ දෙනා දැවී     205

කඩුලූ වැටීම:
1-51(ඩෑන් ඩි’ සූසා), 2-53(ශිව් මෙහෙරා), 3-58(රොහිත් සිං), 4-125(චිරග් සූරි), 5-153(ශෝර්ය චෝප්රා), 6-172(ශිවන්ක් විජයකුමාර්), 7-172(මෙහොමඞ් හමීඞ්), 8-178(ඔමේර් මොහොමඞ්), 9-199(පංකජ් ප‍්‍රකාෂ්), 10-205(මොආස් කුසී)

පන්දු යැවීම:
බිනුර ප‍්‍රනාන්දු: 6.5-0-38-2, අනුක් ප‍්‍රනාන්දු: 9-1-43-2, හර්ෂ රාජපක්ෂ: 10-0-40-2, හෂේන් රාමනායක 5-0-19-1, ලක්ෂාන් ජයසිංහ: 7-0-27-1, ඒ. කේ. ටිරෝන්: 10-0-34-1

ශ්‍රී ලංකාව
හෂාන් දමිඳු - නොදැවී     113
සදීර සමරවික‍්‍රම - ඇ. විජයකුමාර් ප. පංකජ් ප‍්‍රකාෂ්     7
කුසල් මෙන්ඩිස් - දුවද්දී දැවී ගියා (චිරග් සූරි)    45
හෂේන් රාමනායක - නොදැවී     34
අතිරේක -     7
එකතුව -  ඕවර 43.1 කදී කඩුලූ 2 කට     206

පන්දුවට පහර නොදුන් කී‍්‍රඩකයෝ:
ප‍්‍රියමාල් පෙරේරා, තිලක්ෂ සුමනසිරි, හර්ෂ රාජපක්ෂ, අනුක් ප‍්‍රනාන්දු, බිනුර ප‍්‍රනාන්දු, ඒ. කේ. ටිරෝන්, ලක්ෂාන් ජයසිංහ

කඩුලූ වැටීම:
1-24 (සදීර සමරවික‍්‍රම), 2-118(කුසල් මෙන්ඩිස්)

පන්දු යැවීම:
ඔමේර් මොහොමඞ්: 3-0-19-0, පංකජ් ප‍්‍රකාෂ්: 7-1-22-1, මොආස් කුෂි: 6-0-39-0, ජස්ටින් ජේම්ස්: 6-0-35-0, මෙහොමඞ් හමීඞ්: 4-0-17-0, රොහිත් සිං: 10-0-41-0, ඩෑන් ඩි’ සූසා: 7-0-32-0, චිරග් සූරි: 0.1-0-1-0


අදහස් (3)

ශී‍්‍ර ලංකා යොවුන් පිලට කඩුලූ 8 ක විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.