දෝහා කටාර්හිදී පැවැති අන්තර් ජාතික බොක්සිං තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදී ශ්‍රී ලංකා කී‍්‍රඩකයකු දිනාගත් ඉහළම පදක්කමට හිමිකම් කීමට කිලෝ ග‍්‍රෑම් 91 ට වැඩි බර පංතියෙන් තරග වැදුණ ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ ළහිරු රත්නදිවාකර සමත් විය.
කිලෝ ග‍්‍රෑම් 69 බර පංතියෙන් තරග වැදුණ ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ නීල් හෙට්ටිආරච්චි සහ කිලෝ ග‍්‍රෑම් 75-81 බර පංතියෙන් තරග වැදුණ නාවික හමුදාවේ නෙවිල් ප‍්‍රනාන්දු එම ඉසව් වල ලෝකඩ පදක්කම් දිනාගත්හ.
අන්තර් ජාතික බොක්සිං සංගමයේ සංවිධානයෙන් පැවැති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 8 දෙනෙකුගෙන් සහ නිලධාරීන් 3 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කියුබා ජාතික ජෝජ් ලූවිස් ප්‍රොමෙතා මහතාද, සහයක පුහුණුකරු ලෙස එස්. පී. ජයතිලක මහතාද මෙම තරගාවලියට එක්වූහ. තරගාවලියට රටවල් 76 කින් කී‍්‍රඩකයෝ සහභාගි වූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.