Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශිවම් ඩූබේ ඉන්දීය පිලට ජය ගෙනෙයි

ශිවම් ඩූබේ ඉන්දීය පිලට ජය ගෙනෙයි

editorial - 2024 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඇෆ්ඝනිස්තානයට එරෙහිව මොහාලි පන්ජාබ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරිමට ඉන්දියාව සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලි 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දියානුවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 15 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරාගත් අතර පන්දු 40 කට මුහුණ දෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 60 ක් රැස්කළ ශිවම් ඩූබේ ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

ජිතේෂ් ශර්මා පන්දු 20 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 31 ක්ද, තිලක් වර්මා පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක්ද රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය සැපයූහ. ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 12 කින් ලකුණු 23 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 158 ක් ලබාගත් අතර වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මොහෙමඞ් නබී පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 42 ක් රැස්කළේය. අක්සර් පටේල් සහ මුකේෂ් කුමාර් කඩුලු 2 බැගින් දවාගනිමින් ඇෆ්ඝනිස්ථාන පිතිකරුවන් මෙල්ල කළහ. 


ඇෆ්ඝනිස්ථානය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 158 
(රහ්මනුල්ලා ගුර්බාස් 23, ඊබ්‍රහීම් සද්‍රාන් 25, අස්මතුල්ලා ඔමර්සායි 29, මොහොමඞ් නබී 42, නජිබුල්ලා සද්‍රාන් නොදැවී 19, අක්සර් පටේල් 23/2, මුකේෂ් කුමාර් 33/2) 

ඉන්දියාව - ඕවර 17.3 කදී කඩුලු 4 ක් දැවී 159
(ශුබ්මන් ගිල් 23, තිලක් වර්මා 26, ශිවම් ඩූබේ නොදැවී 60, ජිතේෂ් ශර්මා 31, රිංකු සිං නොදැවී 16, මුජිබුර් රහමන් 21/2) 

-036 


අදහස් (0)

ශිවම් ඩූබේ ඉන්දීය පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.