Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්වුහ.
ගාල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (8) පැවැති අවසන් මහ තරගයේදී ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල පරදවා ශාන්ත පීතර විදුහල ලකුණු 38 ක පහසු ජයක් ලැබීය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ඇලවීෂියස් විදුහලට ඕවර 20 අවසානයේදී කඩුලූ අටක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 124 ක් පමණි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශාන්ත පීතර විදුහල් කණ්ඩායම ඕවර 20 තුළදී අභියෝගයක් දිය හැකි ලකුණු 163 ක් රැස් කළේය. ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලට ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 124 ක් පමණි.
තුන් ඉරියව්වේම දස්කම් පෑ චන්දුල ජයමාන්න පන්දුවට පහර දෙමින් ලකුණු 49 ක්ද, පන්දු යවමින් ලකුණු 24 කට කඩුලූ තුනක්ද ලබා ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ ජයග‍්‍රාහී නියමුවා විය.
මෙවර ශූරතාව දිනාගත් ශාන්ත පීතර විදුහල පසුගිය වසරේ මෙම තරගාවලියේ අනුශූරතාව දිනාගත් පාසලයි.
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ඕවර 20 කදී කඩුලූ 8 ට 162
(චන්දුල ජයමාන්න 49, විනු මොහොට්ටි 40, රන්මිත් ජයසේන 17, ප‍්‍රබෝධ මධුෂංක 24/4)
ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල ඕවර 20 කදී කඩුලූ 8 ට 124
(නවිඳු නිර්මාල් 36, හරීන් බුද්ධික 19, ගිහාන් නිරෝෂාන් නොදැවී 27, චන්දුල ජයමාන්න 24/3, චෙමිල ඔබේසේකර 13/2, තනීෂ වීරකෝන් 18/2)
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.