.jpg)
මුරලි සාම කුසලාන විඃ20 ක්‍රිකට් තරගාවලියේ තෙදිනක් පුරා පැවති මූලික වටයේ තරග අද (23 වැනිදා) අවසන් වූ අතර ‘ඒ’ කාණ්ඩයෙන් සීනීගම ඒකාබද්ධ පාසල් කණ්ඩායම, ‘බී’ කාණ්ඩයෙන් කොළඹ ශා. ජෝෂප් විද්‍යාලය, ‘සී’ කාණ්ඩයෙන් නාලන්ද විද්‍යාලය සහ ‘ඩී’ කාණ්ඩයෙන් මහින්ද විද්‍යාලය අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත්වූහ.
අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබාගත් පාසල් කණ්ඩායම් පළමු වටයේදී තමත් සහභාගීවූ සියලුම තරග ජයගනිමින් ප්‍රසාද ලකුණු 6 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමූණ ගැනීමට සමත්වූවෝය.
අවසන් පූර්ව තරග හෙට (24 වැනිදා) ඔඞ්ඩුසුඩාන් මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර පළමු අවසන් පූර්ව තරගය සදහා සීනීගම ඒකාබද්ධ පාසල් කණ්ඩායම සහ මහින්ද විද්‍යාලය තරග වදින අතර දෙවන අවසන් පූර්ව තරගය සදහා කොළඹ ශා. ජෝෂප් විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය තරග වැදීමට නියමිතව ඇත.
අද පැවති පැවති මූලික වටයේ තරග වලදී ‘ඒ’ කාණ්ඩයෙන් කඳුරට ඒකාබද්ධ පාසල් කණ්ඩායම සහ යාපනය ඒකාබද්ධ පාසල් කණ්ඩායම පරදවා කොළඹ රාජකීය විද්‍යාලය සහ සීනීගම ඒකාබන්ධ පාසල් කණ්ඩායමත් ‘බී’ කාණ්ඩයෙන් මොණරාගල ඒකාබද්ධ පාසල් කණ්ඩායම සහ මරදාන සහිරා විද්‍යාලය පරදවා යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ කොළඹ ශා. ජෝෂප් විද්‍යාලයත් ‘සී’ කාණ්ඩයෙන් රත්නපුර ශා. ඇලවිෂියස් විද්‍යාලය සහ කිලිනොච්චි - මුලතිව් ඒකාබද්ධ පාසල් කණ්ඩායම පරදවා කළුතර විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලයත් ‘ඩී’ කාණ්ඩයෙන් මන්නාරම් - වව්නියා ඒකාබද්ධ කණ්ඩායම සහ ත්‍රිකුණාමලය - මඩකළපුව ඒකාබද්ධ පාසල් කණ්ඩායම පරදවා ගාල්ල මහින්ද විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වූඞ් විද්‍යාලයත් ජයග්‍රහණ ලබා ගැනීමට සමත්වූහ.
පිරිමි අවසන් මහා තරගය සහ කාන්තා අවසන් මහා තරගය 25 වැනිදා කිලිනොච්චි විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කොළඹ ශා. ජෝසප් විදුහලට කඩුලු 7 ක ජයක්
මරදාන සහිරා විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 115
(සජිත් සමීර 41, හරීන් කුරේ 11/2)
කොළඹ ශා. ජෝසප් විද්‍යාලය - ඕවර 15.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 117
(දිනෙත් මදුරවල 39, ශෙවොන් ෆොන්සේකා 54)
මහනුවර කිංග්ස්වුඞ් විදුහලට කඩුලු 2 ක ජයක්
ත්‍රිකුණාමලය - මඩකළපුව ඒකාබද්ධ පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 113
(එම්. ශරුහාන් නොදැවී 21, යශෝද් කාවින්ද 15/2, ජනිත් තෙන්නකෝන් 20/2)
මහනුවර කිංග්ස්වූඞ් විද්‍යාලය - ඕවර 18.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 115
(රුවන්ත හතුරුසිංහ 33, මොහොමඞ් ෆාහීම් 18/2, මොහොමඞ් ශරුහාන් 23/2)
කොළඹ නාලන්ද විදුහලට ලකුණු 73 ක ජයක්
කොළඹ නාලන්ද විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 175
(සචින්ත මදුමාල් 47, කසුන් සඳරුවන් 24, ලක්ෂිත මානසිංහ නොදැවී 36, එරංග ජයසිංහ නොදැවී 32, රජිත නිර්මාල් 34/3)
රත්නපුර ශා. ඇලවිෂියස් විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 102
(රජිත නිර්මාල් 20, ශකිල ප්‍රභාෂ්වර 23, සචින්ත මදුමාල් 20/2, දිනිඳු විජේවර්ධන 20/2)
කොළඹ රාජකීය විදුහලට ලකුණු 70 ක ජයක්
කොළඹ රාජකීය විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 159
(ක්‍රීෂිකාන් රවින්ද්‍රනාතන් 43, රොනුක ජයවර්ධන 26, පසිඳු සූරියබණ්ඩාර 42, සමීර ඩිල්ශාන් 25/3)
කදුරට ඒකාබද්ධ පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 89
(කේ. අකලංක 25, චාරුක හතරසිංහ 15/4, හේලීත විතානගේ 17/3)
යාපනය මධ්‍ය මහා විද්‍යාලයට ලකුණක ජයක්
යාපනය මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 144
(එස්. කොව්තාමන් 26, එස්. අලංරාජ් 24, නිරංත ද සිල්වා 17/3)
මොණරාගල ඒකාබද්ධ පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 143
(අංජුල ප්‍රනාන්දු 53, නිරංත ද සිල්වා නොදැවී 20, රමේෂ් අනස්රාජ් 23/3)
කළුතර විද්‍යාලයට ලකුණු 24 ක ජයක්
කළුතර විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 140
(නදීර ඩිල්ෂාන් 51, චතුමින සිල්වා 26, සුරේන්තිනල් දනිජල් 9/3, අරුනාසල අකිලන් 25/2)
කිලිනොච්චි - මුලතිව් ඒකාබද්ධ පිල - ඕවර 18.2 කදී සියලු දෙනා දැවී ලකුණු 116
(ආර්. රජීවන් 27, වී. දනප්‍රියන් 21, මදුවින්ද සිරිවර්ධන 19/3, ඩිෂාන් ලක්ෂිත 15/2, චානුක ලක්ෂාන් 21/2)
ගාල්ල මහින්ද විද්‍යාලයට කඩුලු 7 ක ජයක්
මන්නාරම් - වව්නියා ඒකාබද්ධ පිල - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී ලකුණු 80
(හඞ්ෂාන් පෝල්රාජ් 29, කවිදු එදිරීවීර 19/4, කේ. කවීන් 7/4, මලින්ත ගුණතිලක 15/2)
ගාල්ල මහින්ද විද්‍යාලය - ඕවර 10 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 84
(රවිඳු වැලිහිඳ නොදැවී 28)
සීනීගම ඒකාබද්ධ පිලට ලකුණු 59 ක ජයක්
සීනීගම ඒකාබද්ධ පිල - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී ලකුණු 133
(චතුර මිලාන් 41, නිලංක රුක්ෂිත නොදැවී 36, වසන්තන් ජතූශාන් 20/3, ලෝගේන්ද්‍රන් ජතූශාන් 20/3)
යාපනය ඒකාබද්ධ පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 74
(ජේ. ෆ්ලෙමින් 29, උෂාන් ඉමන්ත 14/4, නිමේෂ් මෙන්ඩිස් 13/2, නිලංක රුක්ෂිත 16/2)
|
|
|
|
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.