
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරට නුදුරින් පිහිටි ඇලන් පෙටිගෲ ඕවල් පිටියේදී අද (20 වැනිදා) පැවැති යොවුන් කාන්තා තරගයේදී නවසීලන්ත සංවර්ධන සංචිත කණ්ඩායම ලකුණු 69 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා බාළිකාවෝ සමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා බාළිකාවෝ කඩුලු 7 කට ලකුණු 148 ක් ලබාගත්හ. නවසීලන්ත ක්‍රීඩිකාවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 79 ක් පමණි.
17 වැනි ඕවරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ 6 වැනි කඩුල්ල බිඳ වැටෙන විටත් ලකුණු සංඛ්‍යාව වූයේ 104 කි. එහෙත් රශ්මිකා සෙව්වන්දි පන්දු 19 කින් ලබාගත් ප්‍රවේගවත් ලකුණු 36 නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 48 ක් ලබාගත හැකිවිය.
හතරේ පහර 2 කින් සහ හයේ පහර 3 කින් සිය ඉනිම හැඩ කළ රශ්මිකා, 7 වැනි කඩුල්ල වෙනුවෙන්, රශ්මි නේත්‍රාංජලී සමගින් එක්ව ලකුණු 37 ක සම්බන්ධතාවක් ගෙඩනැංවූවාය. ඒ වෙනුවෙන් නේත්‍රාංජලීගේ දායකත්වය වූයේ ලකුණු 03 ක් පමණි.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ රශ්මිකා ලකුණු 14 කට කඩුලු 2 ක් දවාගත්තාය. ප්‍රමුදි මෙත්සරා (06/3) සහ අශේනි තලගුණේ (16/2) එක්ව නවසීලන්ත ඉනිම විනාශ කළහ.
ශ්‍රී ලංකා බාළිකාවෝ - ඕවර 20 කදී කඩුලු 7 ට 148 යි
(සංජනා කාවින්දි 30, සුමුදු නිසංසලා 16, මනුදි නානායක්කාර 19, දැහැමි සෙනෙත්මා 13, රශ්මිකා සෙව්වන්දි නොදැවී 36, අනීකා ටොඩ් 20/3)
නවසීලන්ත සංවර්ධන කාන්තා කණ්ඩායම - ඕවර 17.3 කදී සියලු දෙනා දැවී 79
(ඊවි වොලන්ඩ් 24, අනීකා ටොඩ් 12, රශ්මිකා සෙව්වන්දි 14/2, චමෝදි ප්‍රබෝධා 17/2, ප්‍රමුදි මෙත්සරා 06/3, අශේනි තලගුණේ 16/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.