Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජපානයේ ටෝකියෝ නුවරදී සැප්තැම්බර් 13 වැනිදා ආරම්භ වන 20 වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා එක් ක්‍රීඩීකාවක් නිර්දේෂවී තිබේ. සැප්තැම්බර් 21 වැනිදා දක්වා පැවැත්වෙන ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ලොව පුරා රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කර ගැනීම පසුගිය ඉරිදා (31) අවසන් විය.
ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූරයන් දෙදෙනා වන සුමේධ රණසිංහ හා රුමේෂ් තරංග පිළිවෙලින් මීටර 85.78 ක හා මීටර 86.50 ක දක්ෂතාවයක් දක්වමින් ඒ සදහා කෙළින්ම නිර්දේශ ලබා ගැනීමට සමත් වූහ. ඒ අතර ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් මත කිසිදු ක්‍රීඩිකාවක් කාන්තා ඉසව් සදහා නිර්දේශ ලබා ගැනීමට සමත් නොවීමෙන් දෙවනුව සළකා බැළන ප්‍රසාද ලකුණු ක්‍රමය මත එම අවස්ථාව ශ්‍රී ලංකාවේ මීටර 400 ක්‍රීඩිකා නදීෂා රාමනායක වෙත ප්‍රදානය කිරීමට ලෝක මලල ක්‍රීඩා ආයතනය ඊයේ (31) අවසන් වශයෙන් තීරණය කර තිබේ.
ඒ සදහා අවසන් නිර්දේශ සළකා බැලීමේදී කාන්තා ඉසව් නියෝජනය සදහා ශ්‍රී ලංකාවෙන් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානී ලේකම්ගේද සළකා බැලුණි. ඒ අනුව 2009 බර්ලින් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවක් මීටර 400 (කාන්තා) ඉසව්වට ලෝක ශූරතාවලියට සහභාගි වන පළමු අවස්‍ථාව බවට නදීෂා රාමනායකගේ සහභාගිත්වය පත්වේ.
ටෝකියෝ ලෝක තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සැප්තැම්බර් 9 වැනිදා දිවයිනෙන් පිටත්ව යයි. එහිදී ප්‍රධාන පුහුණුකරු හා කළමනාකරු ලෙස ප්‍රදීප් නිෂාන්ත මහතාත් පුහුණුකරුවෙකු ලෙස ටෝනි ප්‍රසන්න මහතාත් ටෝකියෝ ලෝක ශූරතා තරග සංචාරයට සහභාගි වෙයි.
ටෝකියෝ ලෝක ශූරතා තරග සංචාරයට නිර්දේශ ලබා ගත් රුමේෂ් තරංග හා සුමේධ රණසිංහ හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව හත් වැනි හා 10 වැනි ස්ථානවල පසුවේ. ටෝකියෝ ලෝක තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන මීටර 400 (කාන්තා) ඉසව්වේ මූලික වටය සැප්තැම්බර් 14 වැනිදා පැවැත්වේ.
හෙල්ල විසි කිරීම (පිරිම්) ඉසව්වේ අවසන් තරගයට නිර්දේශ ලැබීමේ වටය සැප්තැම්බර් 17 වැනිදා පැවැත්වේ. එම ඉසව් දෙකේම අවසන් තරග සැප්තැම්බර් 18 වැනිදා පැවැත්වේ
ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකාව අවසන් වරට පදක්කමක් දිනා ඇත්තේ වසර 2007 ජපානයේ ඔසාකා නුවරදී පැවැති තරගාවලියේදීය. ඒ මීටර 200 ( කාන්තා) ඉසව්වෙන් සුසන්තිකා ජයසිංහ ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.