Last Update  :  2026-03-21 15:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට රන් පදක්කම් 3 ක්
7 වන ලෝක මූයි තායි ශූරතාවලිය

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 3 ක්

editorial - 2026 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (කටුනායක ටී.කේ.ජී.කපිල)

තායිලන්තයේ පැවති 07 වන ලෝක මූයි තායි ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයෝ , ඔවුන් තරග කළ ඉසව් වලින් බඳ පටි දෙකක් සහ රන් පදක්කම් තුනක් දිනා ගෙන ඊයේ (20 වැනිදා) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් නැවතත් මව්බිමට පා තැබූහ.

තායිලන්ත මූයි තායි ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය ලෝකයේ රටවල් 30 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 140 කගේ සහභාගීත්වයෙන් පසුගියදා තායිලන්තයේ පතායා නුවර පවත්වා තිබුණි .

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ 11 හැවිරිදි සෙහස් අකීස වයස අවුරුදු 10 - 11 කාණ්ඩයේ ප්‍රධාන බඳ පටිය දිනා ගැනීමට සමත් වී තිබුණි. සෙහස් අඛණ්ඩව දෙවන වරටත් මෙම කාණ්ඩයේ ලෝක ශූරයා වූ අතර , ඔහු ශ්‍රී ලංකාවේ පිට පිට වසර 03 ක මූයි තායි ජාතික ශූරතාව දිනා ඇත්තෙකි.  ඔහු පසුගිය වසරේ දක්ෂතම සටන්කරුවාට හිමි සම්මානය දිනා ගැනීමට ද සමත් වී සිටියේය .

වයස අවුරුදු 14 - 15 කාණ්ඩයෙන්  ඩිලෝන් ජුලියන් ද ප්‍රධාන බඳ පටිය දිනා ගැනීමට සමත් වී සිටියේය . දිනෙල් ශාමික, ඉයන් අනුහස් සහ ඉසුරු අමිල ද රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

මෙම ක්‍රීඩකයන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මූයි තායි සංගමයේ නිලධාරීන් සහ ක්‍රීඩකයින්ගේ දෙමාපියන් ඇතුළු නෑදෑ හිතවතුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .


අදහස් (0)

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.