ඉන්දියාවේ ලක්නව් නුවර සී.එම්.එස්. විශ්ව විද්‍යාලයේ පැවැති එක්ස්පෝ ජාත්‍යන්තර ජූඩෝ තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 7 ක් සහ ලොකඩ පදක්කම් 10 ක් වශයෙන් පදක්කම් 25 ක් දිනා ගනිමින් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ජාත්‍යන්තර ජූඩෝ තරගාවලියකදී වැඩිම පදක්කම් ප‍්‍රමාණයක් ලබා ගැනීමට හැකි වී තිබේ.
තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් 16 ක් සහ කී‍්‍රඩකයන් 15 දෙනෙකු සහභාගි වී ඇත.
ඇමරිකා එක්සත් ජනපදය, මැලේසියාව, දකුණු අපි‍්‍රකාව, නේපාලය, ජපානය ඇතුළු රටවල් 8 ක් හා ඉන්දියාවේ ප‍්‍රාන්ත 18 ක් මෙම තරගාවලිය නියෝජනය කර තිබුණි. ඒ අතරින් වැඩි ගෞරවය ශ්‍රී ලංකාව හිමි කර ගෙන තිබේ.
තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ ගයාන් පි‍්‍රයන්ත, වී.එස්. පෙරේරා, මදුමින්ද සූරියආරච්චි, කේ.ආර්. ලීලගස්තැන්න, යූ.ආර්. සේනානායක, සී.එල්. පින්න¥ව ඇතුළු නිලධාරී මණ්ඩලයක් සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.