Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ගෝල 6-0 ක පරාජයක්

ශ්‍රී ලංකාවට ගෝල 6-0 ක පරාජයක්

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දැන් පැවැත්වෙන ආසියානු සමුළු වයස 19න් පහළ පාපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ කලාපීය තරග වටයේදී ශ්‍රී ලංකාවට ගෝල 6-0 ක ඛේදජනයක පරාජයක් අත්කර දීමට සත්කාරක තජිකිස්තානය සමත් විය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී ලද දෙවැනි පරාජයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී මේ දක්වා තරග 3 කට සහභාගි වී තිබෙන අතර එම තරග තුනේදී ශ්‍රී ලංකා පිලට එරෙහිව ලබාගත් ගෝල සංඛ්‍යාව 18 කි. මාලදිවයින ගෝල 2 ක් ද, උස්බෙකිස්තානය ගෝල 10 ක්ද තජිකිස්තානය ගෝල 6 ක් ද ශ්‍රී ලංකා පිලට එරෙහිව ලබාගත්තේය.

තරගාවලියේ මීට පෙර පැවැති තරග දෙකකදී ශ්‍රී ලංකාව උස්බෙකිස්තානය හමුවේ ගෝල 10-0 කින් පරාජයට පත්වූ අතර, මාලදිවයින සමග පැවති තරගය ගෝල 2-2 කට ජය පරාජයෙන් තොරව අවසන් කළේය.

තජිකිස්තානයට එරෙහිව සෙනසුරාදා පැවැති තරගයේ පළමු භාගයේදීම ශ්‍රී ලංකාව ගෝල දෙකක් (0-2) පසුපසින් සිටියේය. 31 වන විනාඩියේදී පළමු ගෝලය ලබාගත් ඒ. ආනම්ජෝන් 33 වැනි විනාඩියේදී ප්‍රදානය කළ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් පළමු භාගයේ විනාඩි තුනක් තුළදී පිට පිටම ගෝල දෙකක් ලබා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව තරගයේ 75, 79, 83, 86 යන විනාඩිවලදී තජිකිස්තානය සෙසු ගෝල වාර්තා කළේය.

වසර 2018 දී පැවැත්වෙන ආසියානු සමුළු වයස 19න් පහළ පාපන්දු තරගාවලියේ අවසන් වටයට කලාප ශූරයන් තෝරා ගැනෙන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය මේ වන විට රටවල් 10 කදී පැවැත්වේ. ශ්‍රී ලංකාව හෙට (6) ‘බී’ කාණ්ඩයේ සිය අවසන් තරගයට බංගලාදේශයට එරෙහිව තරග වදියි.

මෙතෙක් (5) පැවැති කලාප තරග වට සියල්ලේදීම ඉහළින්ම ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ “එෆ්” කාණ්ඩයේ තරග වදින දකුණු කොරියාව විසිනි. ඒ බෲනායි රාජ්‍යයට එරෙහිව ගෝල 11-0 ක් පරිදිය.

‘බී’ කාණ්ඩයේ ඉහළින්ම සිටින උස්බෙකිස්තානය ප්‍රතිවාදීන්ට කිසිදු ගෝලයක් ලබා නොදී 18-0 ක් ලෙස අපරාජිතව පසුවේ. ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 10-0 කින් හා මාලදිවයිනට එරෙහිව ගෝල 6-0 කින් ද ඔවුන් තරග ජයග්‍රහණය කර තිබේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ගෝල 6-0 ක පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.