Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අන්තර් ජාතික කි‍්‍රකට් සභාව 14 වැනි වරටත් සංවිධානය කරන වයස අවරුදු 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩය යටතේ තරග බිමට පිවිසෙයි. කණ්ඩායම් 16 ක සහභාගීවන එම තරගාවලිය ලබන වසරේ (2022) ජනවාරි මස 14 වැනිදා සිට පෙබරවාරි මස 5 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වේ.
‘ඒ’ කාණ්ඩය
බංග්ලාදේශය, එංගලන්තය, කැනඩාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය
‘බී’ කාණ්ඩය
ඉන්දියාව, අයර්ලන්තය, දකුණු අපි‍්‍රකාව සහ උගන්ඩාව
‘සී’ කාණ්ඩය
ඇෆ්ඝනිස්ථානය, පාකිස්තානය, පැපුවා නිව් ගිණියාව සහ සිම්බාබ්වේ
‘ඩී’ කාණ්ඩය
ශී‍්‍ර ලංකාව, ඕස්ටේ‍්‍රලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය
ජනවාරි මස 14 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන මූලික වටයේදී එක් එක් කාණ්ඩවල ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් දෙක බැගින් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත. සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වන කණ්ඩායම් 8 තරගාවලියේ පළඟ ශූරතාව වෙනුවෙන් තරග වදිනු ඇත.
ඇන්ටිගුවා, බාර්බූඩා, ගයානා, ශාන්ත කිට්ස් සහ නෙවීස්, ටි‍්‍රනිඩෑඞ් සහ ටොබේගෝ යන නගරවල කී‍්‍රඩාංගණ 10 කදී මෙම තරගාවලියේ තරග 48 ක් පැවැත්වීමට නියමිතය.
ජනවාරි මස 26 වැනිදා සිට පැවැත්වෙන සුපිරි 8 දෙනාගේ වටයේදී ලීග් ක‍්‍රමයට අනුව තරග පැවැත්වෙන අතර එම වටය අවසානයේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 හිමිකරගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක පිළිවෙලින් පෙබරවාරි මස 1 වැනිදා සහ 2 වැනිදාද, අවසන් මහ තරගය පෙබරවාරි 5 වැනිදාද ඇන්ටිගුවාහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මේ දක්වා පැවැති 19 න් පහළ ලෝක කුසලාන තරගාවලි 13 න් 4 කම ශූරතාව දිනාගැනීමට ඉන්දියාව සමත්ව ඇති අතර ඕස්ටේ‍්‍රලියාව තෙවරක්ද, පාකිස්තානය දෙවරක්ද, එංගලන්තය, දකුණු අපි‍්‍රකාව, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල එක්වරක් බැගින්ද එම ශූරතාවට හිමිකම් කියා ඇත.
මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන තරග
ජනවාරි 14 - ස්කොට්ලන්තයට එරෙහිව - ගයානාහිදී
ජනවාරි 17 - ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව - ශාන්ත කිට්ස් සහ නෙවීස්හිදී
ජනවාරි 21 - බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව - ශාන්ත කිට්ස් සහ නෙවීස්හිදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.