Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට..)
මුල් ඉනිමේදී ලකුණු 231 කට දැවී ගිය නමුත් ඉතාමත් වේගයෙන් නැවතත් තරගයට අවතීර්ණ වූ පාකිස්තානුවෝ ලකුණු 59 ක් ඇතුළත ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුලු 3 ක් දවාගත්හ. එසේ වුවත් දිමුත් කරුණාරත්න සමගින් එක්වූ ධනංජය ද සිල්වා ලකුණු පුවරුව කඩුලු 5 කට 176 ක් සේ වෙනස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට වඩා ලකුණු 323 ක් ඉදිරියට ගෙන ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම සතු මුල් ඉනිමේ වාසිය ලකුණු 147 කි.
අද පස්වරු 4.20 ට පමණ හදිසියේම ඇතිවූ මන්දාලෝක තත්ත්වය හේතුවෙන් තරගය තාවකාළිකව නතර කරන ලදි. ඒ වන විට දිමුත් කරුණාරත්න (නොදැවී 27) සහ ධනංජය ද සිල්වා (නොදැවී 30) පිටියේ රැඳී සිටියහ.
පස්වැනි කඩුල්ලත් ලකුණු 117 දී බිඳ වැටුණ නමුත්, පිටියට පිවිසි විගසින්ම අලංකාර පහර කිහිපයක් මුදාහළ ධනංජය ද සිල්වා, ඒ වනවිට පාකිස්තානුවන්ගේ ග්‍රහණයට නතුව තිබූ තරගය ඉන් මුදාගත්තේය. ධනංජයගේ අනපේක්ෂිත ප්‍රහාරය හේතුවෙන් පන්දු රකින්නන් ආක්‍රමණශීලී ස්ථාන වලින් පසුපසට කිරීම හේතුවෙන් තනි ලකුණු ලබාගැනීමේ හිදැස් නිර්මාණය විය. පිතිකරුවෝ දෙදෙනාම එම තත්ත්වයෙන් කදිම ප්‍රයෝජන ලබන අතරම, දුර්වල පන්දුව දුටු වහාම ඒවා හතරේ සීමාවෙන් එපිටට යැවූහ.
දිමුත් කරුණාරත්නගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 2 ක් පමණක් වන නමුත්, ධනංජය ද සිල්වාගේ ලකුණු 30 න් 24 ක්ම පැමිණියේ හතරේ පහර වලිනි. තම පිටකොන්දේ මස්පිඬු ඇදීමක් හේතුවෙන් පීඩා විඳන ශ්‍රී ලංකා නායකයා පන්දුවට පහර දුන්නේත් වරින් වර ප්‍රතිකාර ලබමිනි.
දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41 ක් එකතු කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 35 ක් ලබා සිටියදී දැවී ගියේ විවාදාත්මක තීරණයකිනි.
මැතිව්ස්ගෙන් ලැබුණේ උඩපන්දුවක් යයි පාකිස්තානුවන් කළ ඉල්ලීම විනිසුරු රොඩ් ටකර් මහතා ප්‍රතික්ෂේප කළේය. එහෙත් එය තුන්වැනි විනිසුරුවරයා වෙත යොමුකළ පාකිස්තානු නායකයා, මෙම තරගයේදී තමන්ගෙන් ගිළිහී ගිය උඩපන්දු තුනම වෙනුවෙන් එකවර වන්දිය ලබාගත්තේය. මැතිව්ස් දැවීගිය බවට අවසන් තීන්දුව දුන්නේ තුන්වැනි විනිසුරුවරයා වුවත්, පිතිකරුවා ආපසු ක්‍රීඩාගාරයට පියමැන්නේ නොසතුටිනි.
තමාගේ 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ඇන්ජලෝ මැතිව්ස්, තමන් දැවීගිය බව දැනගත් වහාම පිටියෙන් ඉවත්ව යන ක්‍රීඩකයෙකි. එහෙත් ඇන්ජලෝ මැතිව්ස් අද නම් පිටියෙන් ඉවතට ගියේ නොසතුටිනි.
මන්දාලෝකය හේතුවෙන් අද දිනයේ ඕවර 19 ක් පමණ අහිමි වූ හෙයින්, තරගයේ සිව්වැනි දිනය වන හෙට පෙරවරු 9.45 ට තරගය ආරම්භ කිරීමට නියමිතය. හෙට දිනයේ යැවිය යුතු ඕවර සංඛ්‍යාව 98 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.