Last Update  :  2024-05-20 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව පියවර දෙකක් ඉදිරියට
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ශ්‍රී ලංකාව පියවර දෙකක් ඉදිරියට

editorial - 2023 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ලක්නව් නුවර සිට..)

‍ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (21 වැනිදා) පැවැති තරගවලදී නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 5 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකවත්, එංගලන්තයට එරෙහිව ලකුණු 229 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකාවත් සමත්වීම සමග ප්‍රසාද ලකුණු සටහනේ පියවර 2 ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ඒ අනුව මූලික වටයේ තරග 45 න් 20 න් අවසන් වන විට තරග 4 කට සහභාගි වෙමින් එක් ජයග්‍රහණයක් ලබා සෙසු තරග 3 පරාජයට පත්ව සිටින ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සට‍හනේ 8 වැනි ස්ථානයේ රැදී සිටියි. දකුණු අප්‍රිකාව හමුවේ ලැබූ දැවැන්ත පරාජය හේතුවෙන් ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා පසුබැසීමට එංගලන්තයට සිදුවිය.

මෙතෙක් සහභාගි වූ තරග 4 ම ජයගෙන සිටින නවසීලන්තය සහ ඉන්දියාව ලකුණු 8 බැගින් ලබා සිටින නමුත් ශුද්ධ ලකුණු වේගය අනුව නවසීලන්තයට ලකුණු සටහනේ පෙරමුණත්, ඉන්දියාවට එහි දෙවැනි ස්ථානයත් හිමිව තිබිණ. මෙම කණ්ඩායම් දෙක අතර හෙට (22 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ජය ලබන කණ්ඩායම තවදුරටත් අපරාජිත බව රැකගනිමින් ලකුණු සටහනේ පෙරමුණ ගනු ඇත.

තරග 3 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව සිටින දකුණු අප්‍රිකාව ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන අතර තරග 2 බැගින් ජයගෙන සිටින ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථානවල රැදී සිටිති. බංග්ලාදේශය සහ නෙදර්ලන්තය පිළිවෙලින් හයවැනි සහ හත්වැනි ස්ථානවල පසුවන්නේ එක් ජයග්‍රහණය බැගින් වාර්තා කරමිනි.


අදහස් (0)

ශ්‍රී ලංකාව පියවර දෙකක් ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.