Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව පතුළටම වැටෙයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ශ්‍රී ලංකාව පතුළටම වැටෙයි

editorial - 2023 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ලක්නව් නුවර සිට..)

දකුණු අප්‍රිකාවට ‍එරෙහිව පෙරළිකාර ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්තය සමත් වීමත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය දක්වා පසුබැසීමට ශ්‍රී ලංකාවට සිදුවිය. එතෙක් අවසන් ස්ථානයේ පසුවූ නෙදර්ලන්තය, ශ්‍රී ලංකාව පසුපසට තල්ලු කරමින් පියවරක් ඉදිරියට පැමිණියේ ධරම්ශාලාහිදී පෙරේදා (17 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 38 ක ‍ජයක් වාර්තා කරමිනි.

ශ්‍රී ලංකාව හැරුණුකොට සෙසු සියලුම රටවල් මෙවර තරගාවලියේ එක් තරගයක් හෝ ජයගෙන සිටින අතර මෙතෙක් සහභාගි වූ තරග සියල්ලම පරාජයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාව පමණි. දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 102 ක දැවැන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව, පාකිස්තානය හමුවේ කඩුලු 6 කින්ද, ඕස්ට්‍රේලියාව හමුවේ කඩුලු 5 කින්ද පරාජයට පත් විය.

මෙතෙක් සහභාගි වූ තරග 4 ම ජයගෙන අපරාජිතව සිටින නවසීලන්තය ලකුණු 8 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි. ඉන්දියාව ලකුණු 6 ක් ලබා එහි දෙවැනි ස්ථානයට පත්ව සිටින්‍නේ මෙතෙක් සහභාගි වූ තරග 3 ම ජයගනිමිනි. ඒ අනුව අද (19 වැනිදා) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගය ඉහළ ශුද්ධ ලකුණු වේගයක් රඳවාගනිමින් ජයගැනීමට සමත් වුවහොත් ඉන්දියාවට නවසීලන්තය පසුකරමින් ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට හැකි වනු ඇත.

තරග දෙක බැගින් ජයගෙන එක් තරගය බැගින් පරාජයට පත්ව සිටින දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය පිළිවෙලින් ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල රැදී සිටිති. එංගලන්තය, බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව, නෙර්ලන්තය සහ ඇෆ්ඝනිස්ථානය පිළිවෙලින් පස්වැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා ස්ථානවල පසුවන්නේ එක් ජයග්‍රහණය බැගින් වාර්තා කරමිනි.

මේ වන විට මූලික වටයේ තරග 48 න් 16 ක් නැතහොත් 1/3 ක් අවසන් වී ඇති අතර තවත් තරග 32 ක් පැවැත්වීමට නියමිතය. මූලික වටය අවසානයේ මුල් ස්ථාන 4 හි පසුවන කණ්ඩායම් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය නෙදර්ලන්තයට එරෙහිව එළබෙන 21 වැනිදා ලක්නව් නුවර ඒකානා ක්‍රීඩාංගණ‍යේදී පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

ශ්‍රී ලංකාව පතුළටම වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.