Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව තවමත් විමසිල්ලෙන්
විස්සයි-20 තරගාවලිය

ශ්‍රී ලංකාව තවමත් විමසිල්ලෙන්

editorial - 2024 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර හෙට (14 වැනිදා) ආරම්භ වන විස්සයි-20 තරගාවලියේදී කුමන සංයුතියකින් තරග කරනවා ද යන්න ශ්‍රී ලකා කණ්ඩායම ස්ථිර තීරණයක් ගෙන නැත. ඩෙංගු රෝගය වැළඳීමෙන් ප්‍රතිකාර ලබාගත් පැතුම් නිස්සංක පුහුණුවීම් ආරම්භ කළා පමණි. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම ටෙස්ට් නායක ධනංජය ද සිල්වාත් සංචිතයට ඇතුළත්ව සිටිති. 

මෙම තරග තුනම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

ශ්‍රී ලංකා නායකයා වැඩි වශයෙන් අවධානය යොමු කර ඇත්තේ පන්දු රැකීම කෙරෙහිය. 

“පන්දු රැකීම, අපගේ දියුණු කරගත යුතු ප්‍රධාන අංශයයි. අපිට අපේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ හැකි පහසුම ක්‍රමය පන්දු රැකීමයි. ලෝක කුසලානය තරගාවලියට පෙර අපට තරගමාලා තුනක් තිබෙනවා. ඒත් අපි තවත් තරගමාලාවක් ක්‍රීඩා කිරීමට අදහස් කරනවා. ලෝක කුසලාන තරගාවලියට පෙර එම තරගමාලා හතර තුළදී අපි ගොඩනැගිය යුතුයි” යයි කී විස්සයි-20 ශ්‍රී ලංකා නායකයා.... 

“අපිට හොඳ ක්‍රීඩකයින් පිරිසක් ඉන්නවා. ඒ වගේම මෙම කණ්ඩායම තාරුණ්‍යයේ වගේම අත්දැකීම්වල හොඳ මිශ්‍රණයක්... අපි මීට වසර දෙකකට පෙර විස්සයි-20 ආකෘතියෙන් ආසියානු කුසලානයක් දිනුවා. අපි ධනාත්මකව සිටීමට උත්සාහ කරනවා. අපි හොඳින් සෙල්ලම් කළොත් අපට ලෝක කුසලානය දිනා ගන්න පුළුවන්” යයි කීවේය. 

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් විස්සයි-20 තරග 9 ක් පමණ ඇති බවත් ඒවායින් නිසි ප්‍රයෝජන ගත යුතු බවත් වනිඳු අදහස් කරයි. 

“මම නායකයෙක් විදියට ක්‍රීඩකයන් වෙතට වැඩි පීඩනයක් දාන්න යන්නේ නැහැ. මම වුණත් පන්දු යවන්නෙක් විදියට වගේම පිත්තෙනුත් කණ්ඩායමට දායක වෙන්න ඕනා” යයි කීවේය. 

සිම්බාබ්වේ පිලට එරෙහිව තරගාවලියකට ගියද වනිඳුගේ ඉලක්කය ලෝක කුසලාන තරගාවලියයි. 

“ලෝක කුසලාන තරගාවලියට තවත් මාස පහක් තියෙනවා. ඒක තමයි අපගේ ප්‍රධාන ඉලක්කය”

විස්සයි-20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ඇමරිකා එක්සත් ජනපදයේ තණතීරු ගැන අවධානය යොමු කළ වනිඳු....
“මම එක්සත් ජනපදයේ  ක්‍රීඩා කරලා නැහැ. නමුත් මම බටහිර ඉන්දීය කොදෙව්වල ක්‍රීඩා කරලා තියෙනවා. මා හිතනවා මේ තැන් දෙකේදීම තණතීරු බොහෝ දුරට සමාන වෙයි කියලා. ඒ නිසා අපි අපේ රටේදී  ගොඩක් තරග වලට සහභාගි වෙන්න ඕනේ. හොඳට ලෑස්ති වෙන්න ඕනේ” යයි ද කීවේය. ශ්‍රී ලංකාව මෙන්ම බටහිර ඉන්දීය දූපත් සමූහයත් සමකයට ආසන්න, නිවර්තන කලාපීය රටවල් වන බැවිනි. 


අදහස් (0)

ශ්‍රී ලංකාව තවමත් විමසිල්ලෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.