Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව IV කොටසට ඇද වැටෙයි
ඩේවිස් කුසලාන

ශ්‍රී ලංකාව IV කොටසට ඇද වැටෙයි

editorial - 2023 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

ඩේවිස් කුසලාන ආසියා ශාන්තිකර කළාපීය III කොටසේ ටෙනිස් තරගාවලියේ මූලික වටයේදී සහභාගි වූ තරගවාර තුනම පරාජයට පත්වූ ශ්‍රී ලංකාවට එහි IV කොටසේ දක්වා පසුබැසීමට සිදුවිය. ඒ අනුව ලබන වසරේදී (2023) ශ්‍රී ලංකාවට තරග වැදීමට සිදුවන්නේ IV කොටසේ කණ්ඩායම්වලට එරෙහිවය.

‘ඒ’ කාණ්ඩය යටතේ මෙම තරගාවලියට එක්වූ ශ්‍රී ලංකාව එහිදී සවුදි අරාබිය, වියට්නාමය සහ ඉරානය හමුවේ පරාජය වීම හේතුවෙන් එම කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්විය. සවුදි අරාබිය සහ වියට්නාම හමුවේ තරග වට 2-1 ක් ලෙස පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකාව, අද (28 වැනිදා) ඉරානය හමුවේ පරාජයට පත්වූයේ තරග වට 3-0 ක් ලෙසිනි.  

ඉරානයට එරෙහිව පැවැති තරග වාරයේ කේවල තරගවලදී අප්න පෙරේරා සහ අෂේන් සිල්වා වට 2-0 ක් ලෙස පිළිවෙලින් අල් යස්දානි සහ සිනා මොගිමි හමුවේ පරාජය වූහ. එහි යුගල තරගයේදී වට 2-0 කින් ටෙහාන් විජේමාන්න සහ ධිල්වන් හේරත් පරාජය කිරීමට අමීර් හොසේන් සහ සම්යාර් එල්යසි සමත් වූහ.

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 8 ක් සහභාගි වූ අතර මූලික වටයේදී ඔවුන් ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ 2 ක් යටතේ තරග වැදිණ. එම කාණ්ඩවල පළමු ස්ථාන හිමිකරගත් කණ්ඩායම් දෙක ආසියා ශාන්තිකර කළාපීය II කොටස දක්වා ඉහළ නැඟි අතර අවසන් ස්ථාන හිමිකරගත් කණ්ඩායම් දෙක ආසියා ශාන්තිකර කළාපීය IV කොටස දක්වා පහළට ඇද වැටිණ.


ඉරානය හමුවේ 3-0 ක පරාජයක්
අල් යස්දානි විසින් වට 2-0 ක් ලෙස අප්න පෙරේරා පරාජය කරන ලදි. (6/0, 6/4)
සිනා මොගිමි විසින් වට 2-0 ක් ලෙස අෂේන් සිල්වා පරාජය කරන ලදි. (6/0, 6/3)
අමීර් හොසේන් සහ සම්යාර් එල්යසි විසින් වට 2-0 ක් ලෙස ටෙහාන් විජේමාන්න සහ ධිල්වන් හේරත් කරන ලදහ. (6/4, 7/6)

 


අදහස් (1)

ශ්‍රී ලංකාව IV කොටසට ඇද වැටෙයි
  • nimal Saturday, 29 July 2023 08:24 AM

    අරුමයක් යැ... බෝල ඇහිඳපු අය නේ කෝච්ලා... සල්ලි මත්තෙම නැහෙන. දක්ෂ ක්‍රීඩකයෝ මොන විදිහට හරි කපන්න තමයි හැමවිටම උත්සාහ කරන්නේ... ඉතින් ඒ අය එපා වෙලා ක්‍රීඩාව අතහරිනවා. අදක්ෂයෝ නියම තරගවලට ගියාම පරදිනවා තමයි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.