Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව - නැමීබියාව පළමු තරගයට
2022 විස්සයි-20 ලෝක කුසලාන

ශ්‍රී ලංකාව - නැමීබියාව පළමු තරගයට

editorial - 2022 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසර (2022) අගදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන අනුව එහි සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පළමු තරගයට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවී තිබේ. ඔක්තෝබර් මස 16 වැනිදා ගීලෝන්හිදී පැවැත්වෙන එම තරගයේදී ශ්‍රී ලංකාව, නැමීබියාවට එරෙහිව තරග වදිනු ඇත.

ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද (21 වැනිදා) නිකුත් කරන ලදි.

මෙම තරග කාලසටහන අනුව ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය ඔක්තෝබර් 18 වැනිදාත්, තෙවැනි තරගය ඔක්තෝබර් 20 වැනිදාත් ගීලෝන්හිදීම පැවැත්වෙන අතර තරග වදින ප්‍රතිවාදී කණ්ඩායම් ගෝලීය සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියෙන් තෝරාගනු ලැබේ.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ නගර 7 කදී පැවැත්වේ. පසුගිය වසරේ (2021) පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අවසානයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 9 වැනි ස්ථානයේ පසුවීම හේතුවෙන් මෙවරත් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා සිට 21 වැනිදා දක්වා ගීලෝන්ග් සහ හෝබාර්ට් හිදී පැවැත්වෙන අතර ඊට තරග 12 ක් අයත්වේ.

ශ්‍රී ලංකාවට අමතරව, පසුගිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්තය සහ නැමීබියාවටද සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුවේ.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට කණ්ඩායම් 8 ක් සහභාගිවන අතර කාණ්ඩ 2 ක් යටතේ තරග පැවැත්වේ.    

ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩය යටතේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රීඩා කරන අතර නැමීබියාව සහ කලාපීය තරගාවලියෙන් සුදුසුකම් ලබාගන්නා තවත් කණ්ඩායම් දෙකක් ඔවුන්ට එරෙහිව තරග වදිනු ඇත. ‘බී’ කාණ්ඩය යටතේ බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්තය මෙන්ම කලාපීය තරගාවලියෙන් සුදුසුකම් ලබාගන්නා තවත් කණ්ඩායම් දෙකක් ඔවුන් සමගින් එක්වේ.

කළාපීය තරගාවලිය සඳහා සිම්බාබ්වේ ඇතුළු රටවල් 16 ක් තරග කරති.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ‘ඒ’ සහ ‘බී’ කණ්ඩයන්හී පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක සුපිරි කණ්ඩායම් 12 අතර පැවැත්වෙන ප්‍රධාන තරගාවලියට එක්වනු ඇත.

සුපිරි කණ්ඩායම් 12 අතර පැවැත්වෙන ප්‍රධාන තරගාවලිය ඔක්තෝබර් 22 වැනිදා සිට නොවැම්බර් 13 දක්වා පැවැත්වෙන අතර ඊට තරග 33 ක් අයත් වේ. මේ වනවිට විස්සයි20 ලෝක ශූරයන් වන ඕස්ටේ්‍රලියාව සහ අනුශූරයන් වන නවසීලන්තය අතර සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලියේ පළමු තරගය පැවැත්වේ.

ඇෆ්ඝනිස්තානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව මේ වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබාගෙන ඇත.

පළමු කාණ්ඩය සඳහා ඇෆ්ඝනිස්තානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම සහ ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම ක්‍රීඩා කරනු ඇත. බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව, ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම සහ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම දෙවැනි කාණ්ඩයෙන් ක්‍රීඩා කරනු ඇත.

පළමු සහ දෙවැනි කාණ්ඩයන්හි ප්‍රසාද ලකුණු සටහනට අනුව පෙරමුණට පත්වන කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. පළමු අවසන් පූර්ව තරග නොවැම්බර් 9 සිඩ්නිහිදී පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය නොවැම්බර් 10 ඇඩිලේඩ්හිදී පැවැත්වේ.

අවසන් මහා තරගය නොවැම්බර් 13 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

 - 2079


අදහස් (0)

ශ්‍රී ලංකාව - නැමීබියාව පළමු තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.