Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ පිලට කඩුලු 5 ක පරාජයක්
සිංහ - කැන්ගරු සටන

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට කඩුලු 5 ක පරාජයක්

editorial - 2022 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(රොෂාන් ගුණරත්න)

හෙන්රි හන්ට්ගේ (107), ජිමී පෙයාර්සන්ගේ (නොදැවී 128) ශතකයන් සහ ඒරන් හාඩීගේ (නොදැවී 78) අර්ධ ශතකයත් සමගින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් (සිව්දින) තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියා ‘ඒ’ පිල සමත්විය. ඒ අනුව තරග 2 කින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමටද ඕස්ට්‍රේලියා ‘ඒ’ පිලට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 367 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියා ‘ඒ’ පිල තරගයේ අවසන් දිනය වූ අද (24 වැනිදා) අවසන් ඕවර කිහිපයේදී කඩුලු 5 ක් දැවී ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්විය.

හෙන්රි හන්ට් සමගින් 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 151 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජිමී පෙයාර්සන් ඉන් නොනැවතී 6 වැනි කඩුල්ල සඳහා ද ඒරන් හාඩී සමගින් ලකුණු 150 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියා ‘ඒ’ පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය.

පන්දු 189 කට මුහුණදුන් ජිමී පෙයාර්සන් හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 128 ක් ලබාගත් අතර ඒරන් හාඩී පන්දු 94 කදී හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 78 ක් ලබාගත්තේය.

තෙවැනි දිනයට තරගය නතර කරනවිට ලකුණු 20 ක් ලබාගනිමින් කඩුල්ලේ රැඳී සිටි හෙන්රි හන්ට් අද සිය ශතකය සම්පූර්ණ කිරීමට සමත්විය. පන්දු 212 ක් කාළයක් කඩුල්ලේ රැඳී සිටි හන්ට් හතරේ පහර 3 ක් සමගින් ලකුණු 107 ක් ලබාගත්තේය.

ලකුණු 37 කට එක් කඩුල්ලක් අහිමිකර ගනිමින් තෙවැනි දිනය වූ ඊයේ (23 වැනිදා) තරගය අවසන් කළ ඕස්ට්‍රේලියා ‘ඒ’පිලට සිව්වැනි සහ අවසන් දිනය වූ අද ජයග්‍රහණය සඳහා ලකුණු 330 ක් අවශ්‍යව තිබුණි.


ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 330
(ළහිරු උදාර 63, නුවනිඳු ප්‍රනාන්දු 32, සදීර සමරවික්‍රම 29, නිපුන් ධනංජය 92, සහන් ආරච්චිගේ 61, ස්කොට් බෝලන්ඩ් 38/4, මාක් ස්ටෙකෙටී 69/4)

ඕස්ට්‍රේලියා ‘ඒ’ පළමු ඉනිම - සියලුදෙනා දැවී 254
(මැතිව් රේන්ෂෝ 35, මාකස් හැරිස් 39, හෙන්රි හන්ට් 28, ජිමී පෙයාර්සන් නොදැවී 67, ඒරන් හාඩී 24, ලක්ෂිත මනසිංහ 82/5, දිල්ශාන් මදුශංක 43/3, සුමින්ද ලක්ෂාන් 67/2)

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 290
(කමිඳු මෙන්ඩිස් 48, සදීර සමරවික්‍රම 20, නිපුන් ධනංජය 77, සහන් ආරච්චිගේ 58, ලක්ෂිත මනසිංහ 25, සුමින්ද ලක්ෂාන් නොදැවී 30, ස්කෝට් බෝලන්ඩ් 51/3, තන්වීර් සංඝා 53/3, මාක් ස්ටෙකෙටී 55/2, ජෝන් හෝලන්ඩ් 85/2)

ඕස්ට්‍රේලියා ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 370
(හෙන්රි හන්ට් 107, ජිමී පෙයාර්සන් නොදැවී 128, ඒරන් හාඩී නොදැවී 78, ලක්ෂිත මනසිංහ 116/3, දිල්ෂාන් මදුශංක 52/2)

ඒරන් හාඩී...

 

හෙන්රි හන්ට්...

 

ජිමී පෙයාර්සන්...

 


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට කඩුලු 5 ක පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.