
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර කණ්ඩායම් 9 ක සහභාගීත්වයෙන් මෙම මස 28 සහ 29 යන දිනවල කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ. මෙම තරගාවලියේ පළමු අදියර ජය ගැනීමට එක්සත් අරාබි එමීර් රාජය නියෝජනය කරමින් තරගාවලියට එක්ව සිටින යූ.යූ.ඩී.එස්. ටස්කර්ස් කණ්ඩායම සමත් විය.
එහිදී යූ.යූ.ඩී.එස්. ටස්කර්ස් කණ්ඩායම, පොලිසිය සහ නාවික හමුදාව ‘ඒ’ කාණ්ඩය යටතේද, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, ගුවන් හමුදාව සහ යුද හමුදා කණ්ඩායම් ‘බී’ කාණ්ඩය යටතේද, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලයන්ස් කණ්ඩායම් ‘සී’ කාණ්ඩය යටතේද මූලික වටයේදී තරග බිමට පිවිසෙනු ඇත.
තරගාවලියේ පළමු දිනය වන සෙනසුරාදා (28 වැනිදා) මූලික වටයන්හි තරග පැවැත්වෙන අතර දෙවැනි දිනය වන ඉරිදා (29 වැනිදා) අවසන් වටයන්හි තරග පැවැත්වෙනු ඇත. මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තමන් නියෝජනය කරන කාණ්ඩයේ සෙසු කණ්ඩායම්වලට එරෙහිව ලීග් ක්‍රමයට අනුව තරග වදිනු ඇත.
එහිදී එක් එක් කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 3 සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් 3 න් ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම කුසලාන ශූරතාව සහ පළඟ ශූරතාව සඳහා තරග වැදීමට සුදුසුකම් ලබනු ඇත. සෙසු කණ්ඩායම්වලට දෙවැනි දිනයේදී බඳුන ශූරතාව සදහ පලිහ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත.
මෙම තරගාවලියේදී පළාත් සහ කාන්තා යන කාණ්ඩා යටතේ තරග වදින අතර ඊට පළාත් කණ්ඩායම් 8 ක් සහ කාන්තා කණ්ඩායම් 3 ක්ද සහභාගි වී සිටියි. නාවික හමුදාව, ගුවන් හමුදාව සහ යුද හමුදාව කාන්තා කාණ්ඩ යටතේ තරග වදින කණ්ඩායම්ය.
පළාත් කාණ්ඩයේදී බස්නාහිර වොරියස්, වයඹ ස්ටේලියන්ස්, ඌව නයිට්ස් සහ උතුරු මැද ඊගල්ස් යන කණ්ඩායම් ‘එක්ස්’ කාණ්ඩය යටතේද, මධ්‍ය ග්ලැඩියේටර්ස්, වයඹ බ්ලැස්ක්ස්, දකුණු ශාර්ක්ස් සහ ඌව ටයිගර්ස් ‘වයි’ කාණ්ඩය යටතේද තරග වදිනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.