Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා රග්බි පිලේ නායකත්වය ධනුෂ්ක රන්ජන්ට

ශ්‍රී ලංකා රග්බි පිලේ නායකත්වය ධනුෂ්ක රන්ජන්ට

editorial - 2025 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායක නයිජල් රත්වත්තේ මේ වන විට උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් අද (10 වැනිදා) පස්වරු 6.30 ට කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 අඩු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි තරගය සඳහා සහභාගි නොවනු ඇත. 

එබැවින් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ධනුෂ්ක රන්ජන්ට පැවරීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ කලමණාකාරීත්වය සහ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඔහු මින් පෙර ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේද නායකත්වය දරා තිබේ. 

මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරන ප්‍රභල ක්‍රීඩකයකු වන රන්ජන්, නවසීලන්තයට එරෙහිව නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයට ක්‍රීඩා නොකළ නමුත් ඉකුත් අප්‍රේල් මාසයේදී මැලේසියාවට එරෙහිව පැවැති තරගයේදී උත්සාහක දිනුමක් වාර්තා කරමින් දස්කම් දැක්වීය. 


අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි පිලේ නායකත්වය ධනුෂ්ක රන්ජන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.