Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ (30 වැනිදා) සමත් විය. ඩුබාහි පිටිහි අන්තර් ජාතික ක්‍රිකට් විද්‍යායතන ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන යොවුන් කණ්ඩායම එරෙහිව ලකුණු 22 ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට පිවිසියහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන යොවුන් කණ්ඩායමට ටේරවීන් මැතිව් සහ නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 125 ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මැතිව් නිලකුණු ඕවර 3 ක් සමග ඕවර 10 ක් යවමින් ලකුණු 14 කට කඩුලු 4 ක් දවාගත් අතර වෙල්ලාලගේ ඕවර 9.3 කදී කඩුලු 3 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 31 ක් ලබා දෙමිනි.
පාකිස්තාන යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අහමඩ් ඛාන් පන්දු 74 කදී හතරේ පහරක් සමග ලකුණු 36 ක් රැස්කළ අතර මුහම්මද් ශේෂාඩ් පන්දු 75 කදී ලකුණු 30 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි. කෙසේ වුවත් ඔවුන් දෙදෙනාගෙන් කිසිවකුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ. එහිදී පාකිස්තාන යොවුන් පිතිකරුවන් 6 දෙනකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙර පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 44.5 ක් අවසානයේ ලකුණු 147 කට සීමා කිරීමට පාකිස්තාන යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ සීෂාන් සමීර් නිලකුණු ඕවරයක්ද සමග ඕවර 10 ක් යවා ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගත්තේය. අහමඩ් ඛාන් සහ අවයිස් අලී කඩුලු 2 බැගින් බිඳහෙළමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම සුනුවිසුණු කිරීම සඳහා සමීර්ට අනගි සහායක් දුන්හ.
ලකුණු 70 කට කඩුලු 8 ක් බිඳ වැටී තිබියදී ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ 9 වැනි සහ 10 වැනි පිතිකරුවන් ලෙස පිටියට පිවිසි යසිරු රොද්‍රගූ (නොදැවී 31) සහ මතීෂ පතිරණ (31) පන්දු 76 කදී ලකුණු 47 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 150 සීමාව ආසන්නයට රැගෙන ගියහ.
ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ යසිරු පන්දු 81 කට මුහුණ දෙමින් එම ලකුණු 31 ලබාගත් අතර ඊට එක් හතරේ පහරක් හෝ හයේ පහරක් ඇතුළත් නොවීය. තරගමක් වේගයෙන් ලකුණු රැස්කළ මතීෂගේ පන්දු 33 කදී වාර්තා වූ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය. අවසන් පිතිකරුවා වූ ටේරවීන් මැතිව් පන්දු 22 කදී ලකුණු 12 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 147
(චමිඳු වික්‍රමසිංහ 12, අංජල බණ්ඩාර 13, යසිරු රොද්‍රගූ නොදැවී 31, මතීෂ පතිරණ 31, ටේරවීන් මැතිව් 12, සීෂාන් සමීර් 32/4, අහමඩ් ඛාන් 26/2, අවයිස් අලී 27/2)
පාකිස්තාන යොවුන් පිල - ඕවර 49.3 සියලු දෙනා දැවී 125
(මුහම්මද් ශෝෂාඩ් 30, කාසිම් අක්‍රම් 19, ඉර්ෆාන් ඛාන් 13, අහමඩ් ඛාන් 36, ටේරවීන් මැතිව් 14/4, දුනිත් වෙල්ලාලගේ 31/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.