Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යොවුන් නායකත්වය සිනෙත්ටම
19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය

ශ්‍රී ලංකා යොවුන් නායකත්වය සිනෙත්ටම

editorial - 2024 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත සංචිතයක් තෝරාගනු ලැබ ඇත. මීට පෙර තරගාවලි තුනකදීම ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරූ, කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන මෙවරත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය සඳහා තෝරාගනු ලැබ තිබේ. 

සිනෙත් ජයවර්ධන අන්තර් ක්‍රීඩා සමාජ තරග වලදී එස්.එස්.සී. කණ්ඩායමත් නියෝජනය කරයි. ගාල්ල රිච්මන්ඞ් විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩක මල්ෂා තරුපති උපනායකයා ලෙසින් පත්කර තිබේ. කෙසේ වෙතත් මෙම සංචිතය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැති අතර එය ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියට යවා ඇතැයි දැනගන්නට තිබේ. 

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය, ශ්‍රී ලංකාවට පනවා තිබෙන ක්‍රිකට් තහනම හේතුවෙන් දකුණු අප්‍රිකාවට රැගෙන යන ලදි. කණ්ඩායම් 16 ක් සහභාගි වන 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය ජනවාරි මස 19 වැනිදා සිට පෙබරවාරි 11 වැනිදා දක්වා පැවැත්වෙයි.  

වයස 19 න් පහළ ලෝක කුසලාන තරග ඉතිහාසයේ මේ දක්වා ශ්‍රී ලංකාවේ හොඳම දක්‍ෂතාව වී ඇත්තේ වසර 2000 දී අනුශූරයන් වීමයි. එවර කුසලාන දිනාගත්තේ ඉන්දීය කණ්ඩායම විසිනි. 

මෙවර 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ මස 14 වැනිදා බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිවද, 17 වැනිදා ඉන්දියාවට එරෙහිව ද පෙරහුරු තරග දෙකකට සහභාගි වෙයි. 

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘සී’ කාණ්ඩයෙන් තරග වදින අතර ඕස්ටේ්‍රලියාව, සිම්බාබ්වේ සහ නැමීබියාව එම කාණ්ඩයේ අනෙකුත් කණඩායම් වෙති. 

 

ශ්‍රී ලංකා 19න් පහළ ලෝක කුසලානය සංචිතය
සිනෙත් ජයවර්ධන (නායකයා - රාජකීය විද්‍යාලය), මල්ෂ තරුපති (උප නායකයා - ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය), පුලිඳු පෙරේරා (මහනුවර ධර්මරාජ විද්‍යාලය), හිරුන් කපුරුබණ්ඩාර (කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය), රවිශාන් නෙත්සර (පී. ද එස්. කුලරත්න මහා විද්‍යාලය ගාල්ල), රුසඳ ගමගේ (ශාන්ත. පීතර විද්‍යාලය, කොළඹ), ශාරුජන් ශන්මුගනාදන් (කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය), දිනුර කළුපහන (ගාල්ල මහින්ද විද්‍යාලය), විශ්ව ලහිරු (කළුතර ශ්‍රී සුමංගල විද්‍යාලය), ගරුක සංකේතත් (ලයිසියම් ජාත්‍යන්තර, වත්තල), දුවිඳු රණතුංග (කොළඹ මහානාම විද්‍යාලය), රුවිෂාන් පෙරේරා (කොළඹ ආනන්ද විද්‍යාලය), සුපුන් වඩුගේ (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), විහස් තෙව්මික (කොළඹ තර්ස්ටන් විද්‍යාලය) සහ විශේන් හැලඹගේ (ශාන්ත පීතර විද්‍යාලය)

අතිරේක ක්‍රීඩකයෝ :  
දිනුක තෙන්නකෝන් (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), හිරාන් ජයසුන්දර (කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය) සහ මනුල කුලරත්න (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය)


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් නායකත්වය සිනෙත්ටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.