Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිල යන බසයේ පතරොම් කොපු 2 ක්

ශ්‍රී ලංකා පිල යන බසයේ පතරොම් කොපු 2 ක්

editorial - 2022 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොහාලි නුවර නැවතී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ගමන් කිරීමට සූදානම් කර තිබූ බසයේ තිබී හිස් පතරොම් කොපු දෙකක් චන්දිගාර් පොලිස් නිලධාරීන් විසින් අද (27 වැනිදා) සොයාගනු ලැබ ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් පත වාර්තා කරයි.

ඉන්දියාවේ මොහාලි නුවරදී පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මොහාලි නුවර නැවතී පුහුණුවීම් කරමින් සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම නැවතී සිටින ‘ලලිත්’ හෝටලයේ සිට පුහුණුවීම් සඳහා මොහාලි ක්‍රීඩාංගණය කරා යාමට බසයට නැඟීමට පෙර කරනු ලබන සාමාන්‍ය පරීක්‍ෂණයේදී මෙම පතරොම් කොපු සොයාගනු ලැබ තිබේ.
මෙම හෝටලයේ සිට ක්‍රීඩාංගණයට ඇත්තේ කෙටි දුරකි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය මාර්තු මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රවාහනය සඳහා යොදාගත් බස්රථය පෞද්ගලික සමාගමකින් ගත් එකකි. පොලිස් නිලධාරීන් විසින් ලෝහමය ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණයක් භාවිතා කිරීමේදී හිස් පතරොම් කොපු දෙක හමුවී තිබේ. පතරොම් කොපු දෙකම තිබී ඇත්තේ බසයේ බඩු ගෙනයන කොටසේදීය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සඳහා සේවය කිරීමට ඉදිරිපත් වීමට දින කිහිපයකට පෙර මෙම බස්රිය විවාහ මංගලෝත්සවයක් වෙනුවෙන් යොදාගෙන තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බසයේ රියැදුරුගෙන් ප්‍රශ්න කෙරෙන බව චන්දිගාර් පොලිසිය පවසන්නේ යයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වැඩිදුරටත් වර්තා කරයි.

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා පිල යන බසයේ පතරොම් කොපු 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.